Sunday, October 3, 2021

ලොකු උනහම ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න බැරිද?

 

රූපය උපුටාගැනීම අන්තර්ජාලයෙනි

මේ සම්බන්ධව යාත්‍රිකයට මතක් වෙන එක සිදුවීමක් සේම තවත් අහපු කතාවක් මතක ගබඩාගතයි. අහපු කතාව සත්‍ය වේවා අසත්‍ය වේවා මේ ශීර්ෂයත් එක්ක පැහෙන නිසා ඒ කතා යුග්මයම මෙහෙම දක්වන්නම්.

1 කතාව - පාසලේ වැඩිහිටි ශ්‍රේණිවල ඉන්න සිසුන්ට සම්මන්ත්‍රණ වලට බොහෝ සෙයින් සහභාගී වෙන්න කටයුතු යෙදෙනවනෙ. එවන් අවස්තාවක වෙච්ච සිදුවීමක් තමා මේ. පොඩි පැරණි අතීතයක නිසා හරියටම මතකයක් නැහැ. කොහොම නමුත් මාත් ඔය කාලේ වැඩිහිටි පන්තියක තමයි උන්නෙ. ඉතින් අපි ඔන්න ඉන්නකොට අර ප්‍රශ්නය.. ලොකු උනාම වෙන්න කැමති කවුද? මිලියන දෙකේ නෙමේ, ජීවිතේම ගැටගැහිලා තියෙන ප්‍රශ්නෙ අපිට දැම්ම. අපිට වඩා උඩ පන්ති වල හිටපු උන් ඉතින් එක එක ඒව කියන්න ගත්ත. කොහොමත් මේක පටන්ගත්ත වෙලාවේ ඉඳන් පොඩි fun එකක තමා කට්ටිය හිටියේ. එක කොලුවෙක් ඉතින් තමුන්ගේ අසරණ මුණත් හංගගෙන සද්දෙට කිව්ව ‘ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න කියල. මේක කොහොමහරි ඇහුන වගේම කිව්ව ඒ කෙනාවත් දේශක උතුමගෙ අතටම මාට්ටු. අන්තිමට උනේ අපිට fun බෙදන්න ගිහින් මේ අසරණය ජෝකරයට වැටීම. දේශක තුමා ඉතින් අහනව දැන් ‘ඇයි එහෙම වෙන්න හිතුනෙ, ඩ්‍රයිවර් කෙනෙක් වෙලා ජීවිතේ සාර්ථක කර ගන්න බෑනෙ.. ඉගෙන ගන්නෙ ඕකටද’ වගේ දේවල්. අසරණ අපේ දරුවා ඉතින් වරද තේරුම් අරං දේශක තුමාට බැරෑරුම් මූණක් දිගුකරමින් තමුන් අනාගත සිහිනය වෙනස් කර ගත්ත බවක් රඟ දැක්වුව.

2 - දවසක් පහළ පන්ති භාර ගුරුවරියක් ළමයින්ගෙන් අහල තිබ්බ ඔයාල ලොකු උනාම වෙන්න කැමති කවුද කියල. එක ළමයෙක්ගෙ පිළිතුර වෙලා තිබ්බෙ ‘මං කැමති ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න’. එතකොට ගුරුවරිය ටිකක් කේන්තියෙන් ළමයාගෙන් අහනවා ‘අනිත් අය ඩොක්ටර්ස්ල, ඉංජිනේරුවෝ වෙන්න හදද්දී ඔයාට නිකම්ම ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නද ඕන’ කියල. ‘නෑ ටීච මට ඕන උඩ යන ප්ලේන් වල ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න’ කියල ළමය නැවත පිළිතුර වැඩි විස්තර කරල. එතකොට ගුරුතුමිය ඇතිවෙච්ච කෙන්තිමත් මූණ කාන්තිමත් කරගෙන ‘ආ ඒ අයට කියන්නෙ පයිලට් කියල ළමයට තේරුම් කරලා දීල. පුතාගෙන් ආපහු කවුරුහරි ඇහුවොත් ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියල කියන්න ඕන කොහොමද.. පයිලට් කෙනෙක් කියල හොඳද’.

වැඩිහිටියෝ ළමයින්ගෙන් නිතර අහන දෙයක් තමයි ලොකු උනාම තෝරගන්න රැකියාව මොකද්ද? ලොකු උනාම කවුරු වෙන්නද කැමති? (එක ළමයෙක් තාත්ත වගේ වෙන්න කියන එක නොතේරුම් කමට කියල තියෙන්නෙ තාත්ත කෙනෙක් වෙන්න කැමති කියල). ඒක නිකං ජීවත් වෙන්න හුස්ම ගැනීමටත් වඩා අවශ්‍ය කාරණයක් වගේ. පොඩිම ළමයි ඉතින් හිතෙන හිතෙන එක දොඩවනවා. සමහරු අද කියන එක නෙමේ හෙට කියන්නේ. ඒ තරමට ඒ අයගෙ අදහස් වෙනස් වෙනවා. දායාද ලැබෙනවා වගේ සමහරුන්ට නම් ඒවත් දෙමව්පියන්ගෙන් ලැබෙනවා. ඊට පස්සේ ඉතින් ඒ දරුවන්ට වෙන්නේ අනිත් අයගෙ හීන තමන්ගේ කරගෙන බැලීමක් තමයි. ඒව ගැන ඉතින් ලියන්න ගියොත් වරුවක් විතර යනවා. ඒත් යාත්‍රිකයගෙ හිත කියන සෑම්පලේට නම් හීන කාගේ උනත්, මොකක් උනත් වැඩිය දකින එක නරකයි කියල. සමහරු ඒව හැබෑ කරගන්න ගිහින් ජීවත් වෙන්නෙත් හරියට හීනෙන් ඇවිදින උන්දැල වගේ. පියවි ලෝකේ, මහ පොළොවේ යතාර්ථය මත නෙමේ.

කොහොම වෙතත් කියන්න ගත්තේ, ඇයි ඩ්‍රයිවර් කෙනෙක් වෙන එක අපුලයිද?. අපිම වෘත්තීයන් උස් පහත් ලෙස බෙදා ගෙන උසස් යැයි සම්මත කොරගත් තැනට යන්න අර ඇදීමක් නෙමෙයිද මේ අපි වසන සමාජය. දරුවනුත් ඒ බෙදීමට හුරු කරන ගමන් උස් වෘත්තීය තලයක සිහින අපි ඔවුන්ට එන්නත් කරනවා. රියදුරෙකුට වඩා වෛද්‍යවරයෙකු කරන කාර්යය උසස්. ඒ තුළ කිසි ගැටීමක් යාත්‍රිකය තුල නෑ. ඒත් එහෙමෙයි කියා රියදුරු වෘත්තිය පහත් වනවාද?. පහත් කිරීම යුක්තියුක්තද?. අනෙක් අතට වෛද්‍යවරයෙකුට තම සේවා ස්ථානය වන රෝහලට යන්න රියදුරු සහයක් උවමනායි. නැතිනම් ඔහුට වෙන්නෙ රියදුරු අසුන භාර ගන්න. එවිට ඒ මොහොතෙ වෛද්‍ය වෘත්තිය තුළ ඇති උසස් බව අඩු වෙනවද?. බාල්දු වෙනවද? නැතිනම් රියදුරු වෘත්තීය උසස් වනවාද?..

හැම පුද්ගලයෙකුටම ඉහළ අධ්‍යාපනයකට යන්න පුළුවන් නම් එය ඉතා හොඳ තත්වයක්. ඒ වගේම බොහෝ කලක ඉඳන් රියදුරෝ ලබා ගන්න වැටුමෙ ලොකු අඩුක් අනිත් වෘත්තිකයන්ට සාපේක්ෂව යාත්‍රිකය දකින්නෙ නැහැ. ඒක මෙහෙ වගේම පිටරටවලත් එහෙමයි. සමහර රියදුරන් නවක වෛද්‍යවරයෙක්ට වඩා, ඉන්ජිනේරුවෙකුට වඩා වැඩියෙන් උපයනවා.

එතකොට ඒ වෘත්තීනුත්, රියදුරු වෘත්තියත් අතර තියෙන්නේ යම් අධ්‍යාපන, දැන උගත්කම්වල හා ජීවන් විලාසයේ වෙනසක් විතරයි. ගුණධර්ම, සාරධර්ම, සමාජයට වගකියන බව, නීතිය තුල හරිසිරීම වගේ දේවල් හැරුණු කොට. ඉතින් මේ ආදී කරුණු තුලින් ගුණ අගුණ නොබලන ලෝකය වෘත්තීය විතරක් සලකමින් පුද්ගලයෙක් මැනීම හෝ උස් පහත් කිරීම මොනතරම් අසාධාරණ හා යුක්තද. මේ හේතුවෙනුයි යාත්‍රිකයා දකින්නෙ අනාගත සමාජය බවට පත්වන වත්මන් දරුවන්ට මේ කාරණා තේරුම් බේරුම් කිරීම තුලිනුයි සම්මත කරගත් උස් පහත් ඛේදය අහෝසි කර සහ පුද්ගල වැදගත් භාවය වෘත්තීන්ට ලගු කොට දැක්වීම නවත්තන්නට පුළුවන් වන්නේ.

19 comments:

  1. තාම කියෙව්වෙ නෑ. හෙට එන්නං ඈ?

    ReplyDelete
    Replies
    1. හරි කිසි හදිස්සියක් නෑ. මාත් ඔබේ අඩවියට ගොඩ බහිනගමින්

      Delete
    2. කියෙව්වා.
      සුරුස්......

      Delete
  2. හ්ම්... මගෙ රියදුරු මහත්තයා, හොඳටම උසස් පෙළ පාස්. බොහොම දක්ෂ, ලස්සන අත් අකුරු තියෙන, හොඳ වැදගත් පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්. මට නං පේන් නෑ රියදුරු රස්සාවෙ උසස් පහත් කමක්. පැය අටෙන් පස්සෙ අපි ඔක්කොම පුරවැසියො නෙ.

    තව මාත් එක්ක වැඩ කරපු රියදුරු මහත්තයෙක් හිටියා, මට ගොඩක් උදව් කරපු. හරියට සහෝදරයෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. එකනෙ ඩ්‍රැකස්. කලින් බාගෙට කොටලා තිබ්බ එකක්. බකුස් මාව පේන්නෙ නෑ කියපු නිසා ඔහෙ අටෝල දැම්මෙ. ලිපිය හරියට නෑ වගේ මගෙ හැඟීම.

      Delete
  3. ඔය සම්මන්ත්‍රණ කරන උනුයි අපිට උගන්නන්ට කියල එන සම හරක් ටීචර්ලයි ඉන්නව නේද ඒ අය හැදුනෙම එකාකාර අච්චුවකට ඉතිං එයාල හදන්නේ අපිවත් ඒ අච්චුවටම දාන්ට. බැරි වෙලා හරි ඒ අච්චුවෙන් පිට වෙන මොකක් හරි කිව්වොත් ඌ සුම්ම.
    ලංකාවෙ අධ්‍යාපනය අන්තිම නරක් වෙන්නෙ ඔය සාධකය මත. පොඩි කාලෙම ළමයින්ගෙ හීන මරනව. ඊට පස්සෙ ඒ උදවියගෙ ඔළු වල තියෙන අර සිමෙන්ති මැටි බ්ලොග්ගල් වලිං හදපු ෆෝමැට් එක අර පොඩි එකාගෙ ඔළුවට බස්සනව. ඌත් ඊට පස්සෙ අර ටයිප්ම යනව
    ඔන්න උං ලොකු වෙනව. ලොකු වෙලා රස්සා කරනව. හැබැයි කරන රස්සාවෙ තෘප්තියක් නෑ. ඒත් බැඳගත්ත බර කරත්තෙ අදින්න එපැයි ඉතිං අදිනව.


    මේ ගැන කතා කරනව නං එළි වෙනකං කතා කලෑකි. කොච්චර කලත් අපි එකම තැන..... එකම තැන.

    ReplyDelete
    Replies
    1. හ්ම්.....එකඟයි. වැරද්දෙ කොටසක් දේශපානිකයි, ඉතිරි සමාජ ආකල්ප සතුයි. සමරි එක මෙතන තියනවා.
      //මේ ගැන කතා කරනව නං එළි වෙනකං කතා කලෑකි. කොච්චර කලත් අපි එකම තැන..... එකම තැන//

      Delete
    2. හ්ම්. මහේෂ් ඔබ හරියටම නිලය හොයා ගත්ත. අපි system එකක් ගොඩනගන් එක ඔලුව උඩ තියන්. ඉතින් විඳවනවා.

      Delete
  4. මෙන්න මේක සෙටින් ස් ටික ඔයාගෙ බ්ලොගෙ ඒවත් එක්ක කම්පෙයා කරල හදාගන්න.😊

    https://drackey.blogspot.com/2021/10/blog-post.html

    ReplyDelete
  5. ෂර්,
    මටත් බෝම කාලයක්ම යනකං ඕනේ උනේම ඩ්‍රයිවර් කෙනෙක් වෙන්ඩ තමා.තඩි ලේලන්ඩ් බස් එලවන එක තමා ආසාව.
    දැන් උනත් ටෙන් වීලර් එකක් යනකොට හැරිල බලාගෙන ඉන්නවා.
    පහු කාලෙ ඕනැඋනා ප්ලේන් හදන්ඩ ඉගෙනගන්ඩ, ඒකත් හරිගියේ නෑ.

    හැබැයි ෂර් දැන් නං කාලෙකම ඉඳල රස්සාව කෝම වෙතත් අවුරුද්දකට බවුසර් එකහමාරක් දෙකක් පැස්ටෝල් ගහනවා කාරෙකට.
    දැන් හිතෙනවා ඇයිද කාර් එළවන්ඩ ඉගෙනගත්තේ කියලත්.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ජයවේවා හට්ටෝර්. වැඩනිසා මේ පැත්තේ එන්න බැරිවයි හිටියෙ

      Delete
  6. කිසිම විටෙකදී දිරි නොගන්වයි හැබෑ මිනිහෙකු වෙන්න කියලා
    සපිරි යහගුණ දරන මිනිසෙකු වෙයං කියලත් නෑනෙ කියලා
    කුලය, ආගම, පක්ෂ සේරම ඉලව්වල් මනසට පටෝලා
    පස්සෙ කියනව 'හැදෙන එව්වෝ වල් සතුන් වාගේය' කියලා

    ReplyDelete
  7. ලංකාව තුල නම් එක එක රැකියා වලට දීලා තියෙන සමාජමය වටිනාකම වෙනස් නිසා නේද එහෙම වෙන්නෙ.

    ගොඩක් අයට තියෙන්නෙ ඉගෙන ගෙන හොඳ රස්සාවක් කියන එක. සමහරුට ටයි එකක් දාන එකක්. නැත්නම් රජයේ එකක්.

    මේ ආකල්ප නිසා වෙන්න ඇති ඔහොම වෙලා ඇත්තෙ. හැම රැකියාවකටම ගරු කරන්නෙ නැති ගතියක් තියෙනවනෙ.

    මේකෙත් ඩ්‍රැයිවර් ප්ලේන් එලවනව නම් ඒක හොඳයි. වෙන බස් එකක වගේ ඩ්‍රැයිවර් නම් ඒක නරකයි ලංකාවෙ. කෝමෙයි ඉතින් කරන්නෙ😑

    ReplyDelete
    Replies
    1. හ්ම් එහෙම තමයි නවීන්... සමාවෙන්න පිළිතුරු දෙන්න පහු උනාට.

      Delete