Thursday, September 30, 2021

බෝල්පිනි වෑහෙන වෙලාවේ...

ලයාන්විත ස්වරයකින් පාළුව, තනිකම දන්වන සංගීත ස්වරයට එවන් හඬක්ද මුසුකරමින් ගැයෙන මේ ගීතය තවලම්කරුවන්ගේ ජීවිතය ගැනය. ගැල් කවි මතින් අප නොදැකගත් ඔවුන්ගේ ජීවිතයේ එක් පැතිකඩක් මේ තුලින් මතු කරයි. සියලු තවලම්කරුවෝ මෙසේ යැයි කීමට නොහැකි අතර ගීත රචකයාට එසේ උත්සහයක් නොදරයි.

තම යනෙන ගමනේ එක් නවාතැන්පලක් වූ  මේ නිවස ඔහුට රති උණුසුමද ලබා දී ඇත. මහ වරුසාවක් පොළොවට ඇද හැලී ඉවරවෙන තුරු. බෝල් පිනි වෑහෙන මොහොතක ඔහු ඇයට නොදන්වා යන්නේ දන්වන්නට තරම් බැඳීමක් නොමැති කම නිසාමය. හරියට මේ ඇතිව නැතිවන බෝල් පිනි මෙන්. තවලම් කරුවෙකු නිසාදෝ, ජීවිතයෙන් තේරුම් ගත් අවබෝධයක් නිසාදෝ බැඳීම් වල හිරිහැරය, නීරස බව ඔහු හැඳින ගත්තා වන්නට පුළුවනි. මා ගියපසු මන් ගැන විපරම් කරන්නට වෙහෙසෙන්න එපා.. හොරෙන් නොව නොදන්වා යන ඔහුගෙ ඒ පිටවීම ඇය පවා දන්නා කරුණකි. නිදන ඈ හට නිදන්නට දී ඔහු නැවත තම ගමන යාත්‍රා කළ යුතුවේ. ඒ දිගු ගමන අතරතුර මෙවන් තවත් හමුවීම්, එකතුවීම්, වෙන්වීම් සිදුවන නවාතැන් පලවල් වෙහෙස  නිවා ගන්නට හදනා සෑම තැනකම ඔහුට හමු වෙනු ඇත. මේ ගමනේ අවසානය දක්වා. ඒ හමුවෙන, වෙන්වන නවාතැන් පළ වලින් තවත් නවාතැන් පලක් දක්වා යන ගමනේ ඒ මතකයන් සිහිවේ. හරියට මේ යන මොහොතේ ඔබව සිහිවනවා පරිද්දෙන්. ඉතින් එක නවාතැනක් නොමැති මා ගැන සොයන්නට කරදර නොවෙන්න. බැඳීම් කරදරයකි. ඔහු ඇයට නැවත කියමින් තමාටද ඒ බව මතක් කරවා ගනී.


රූපය උපුටාගැනීම අන්තර්ජාලයෙනි



27 comments:

  1. ගීතය අසා ඇතිමුත් මෙවන් අදහසක් එහි වේදැයි දැනී තිබුනේ නෑ! සුන්දර අදහසක්!

    ReplyDelete
  2. හරිම ලයාන්විත ගීතයක්. අහල තියෙන විදිහට ඔය බර කරත්ත යුගයේ, තවලම්කරුවන්ගේ ජීවිතය කියන්නෙ වෙනම උප සංස්කෘතියක්. ඒ යුගේම පාරුකරුවොන්ගෙත් එහෙම එකක් තිබිල තියනවා.

    ඔය ගැන ලියන්න මම අසාර්ථක උත්සාහයක් ගත්තා, අසම්පූර්ණයි:
    https://frozenlazyowl.blogspot.com/2014/03/blog-post.html

    අද සම්මතය අනුව විවේචනය කල නොහැකි ඔවුන්ගේ විවුර්ත රොමෑන්තික ජිවිතයත් හරිම අපූරුයි. කරත්ත නැවතුම්පලවල් අසල තිබුණ ඔවුන්ට "සේවාවන්" සැපයුන කඩවල මෙහෙම දෙබස් එදා සුලභ වුනාලු.

    ඇගියො, මෙන්න මේ උන්නැහේ එක්ක අරහෙට පොඩ්ඩක් ගිහින් වරෙන්කො.

    ස්තූතියි. නැවත හමුවෙමු.


    ReplyDelete
    Replies
    1. හමුවෙමු. ස්තූති අදහස් එක් කලාට. එය ලිවීමට උත්තේජනයක්

      Delete
    2. ආං තට්ටයා මහත්තයා පට්ට ලිපියක් දාලා.Thattayagekolama, නිදිගෙ පංචතන්තරේ පැත්තෙ ඇවිත් ගියොත් අනිත් අයව ඇඳින ගන්න ඇහැකි. කැමති නං.

      Delete
    3. යාත්රිකයත් සමාගමට ප්‍රියයි..!

      Delete
  3. ලියමු තව ටිකක් ලොකුවට. විස්තර සහිතව.
    මේ වගේ
    https://dpkatha.blogspot.com/2021/10/blog-post.html?m=1

    ReplyDelete
    Replies
    1. ඔව්, රහයි ඒත් ටිකයි. මෙන්න ගැලපෙන පිංතූර

      https://www.google.ca/search?q=lankapura+old++cart+photos&tbm=isch&ved=2ahUKEwjxp5WJ4KrzAhWOrHIEHX5BAbEQ2-cCegQIABAA&oq=lankapura+old++cart+photos&gs_lcp=CgNpbWcQDFCRsQRYh-EEYK35BGgAcAB4AIABa4gB0QOSAQM1LjGYAQCgAQGqAQtnd3Mtd2l6LWltZ8ABAQ&sclient=img&ei=Wc1XYbGXKI7ZytMP_oKFiAs&bih=717&biw=1438

      Delete
    2. එදා තිබ්බ ඔබේ-බටේ ලින්කුව අද මිසින් ඉන් ඇක්ෂන්

      Delete
    3. Mahesh, බස්සා අදහස් දැක්වීමට ස්තූතියි. හිතන් ඉන්නෙ වෙනම ශානරයක ලිපි පෙළක් ලියන්න..

      Delete
  4. තව ලියන්න, ඒ කාලෙ ගැන.

    ReplyDelete
  5. හ්ම්ම්... බස්ස කිව්වෙ මේ බ්ලොග් එක හොඳයි කියලා. ඒ අනුව ආව. ඇත්තටම හොඳ ලිවීමක්. ගොඩක් දුර යන්න පුළුවන්. මේ ලිපි එකතු කරලා කවද හරි හොඳ ගී රසවින්දනාත්මක පොතක් ලියන්නැහැකි.

    කැමති නම් අපේ පැත්තෙත් එන්න. මගෙ තියෙනව ලිපි මිශ්‍රණයක්. මොනව හරි කියවන්න හිත හදාගන්න හැකි වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකී. මගේ වැඩි අවධානය සමාජය පැත්තට යොමු කරන්න..

      Delete
  6. ඔයාගෙ සයිට් එක බ්ලොග් රෝලෙ එල්ලගත්තට අප්ඩේට් වෙන්නෙ නෑ, ඒ කියන්නෙ සින්ඩි වල අප්ඩේට් වෙන එකකුත් නෑ. සෙටිංග් වලට ගිහින් RSS Feed පොඩ්ඩක් බලන්න.

    ReplyDelete
    Replies
    1. හරි බලන්නම් බස්ස. ඒත් මන් ඔය වැඩිවැඩ දන්නෙ නෑ

      Delete
    2. රෝලෙ එල්ල ගන්නත් බෑ. ෆලෝ වෙන්නෙත් නෑ. අවුලක් තියේ තමා

      Delete
    3. මහා, බස්සා මෙතනින් එහාට දන්නෙ නෑ. bolg theme එකත් මාරු කරා. බරි උනොත් bolg අතැරලා දානවා.

      Delete
    4. හා, හා ඔහොම කලබල වෙලා බෑ කොලුවො.බරි උනොත් bolg අතැරලා දානවා? පික්සු නං කෙලින්න එපා:)
      මම මොකක්ද ඉලව්වක් කොලා ඉස්සර . මේ තාම බලනවා.
      මෙන්න මේක තියෙන Share button එක ඔන් කරලා සේව් කරල කියන්න.
      https://support.google.com/blogger/answer/97933?hl=en#zippy=,share-all-content

      Delete
    5. ආ තව layout--> settings--->Privacy වල Visible to search engines ඔන් කිරීම අත්‍යාවශ්‍යයි.

      Delete
    6. ඔබේ උදව්වට ස්තූතියි. නෑ මන් කිව්වෙ එහෙම උනොත්ලි යනවා. අනිත් අයට comment කරනවා. bolg එක up කරන්න බලන්නෙ නෑ කියල. කොහොමත් උත්සහයක් දරනවා. අනෙත් අයගේ සුවය උදෙසා. මොකද ඉදිරියට බොහොම වැදගත් ලිපි ලියවෙයි

      Delete
  7. මගේ බ්ලොග් රෝල නං හරි ගියා. බලන්න මගෙ බ්ලොග් රෝල, ඔයාගෙ එක මැද හරියෙ ඇති, පෝස්ට් එක දවස් කීපයක් පරණ නිසා.හැබැයි මං වංචාවක් කලා. මෙන්න මේකයි ඔයාගෙ බ්ලොග් RSS Feed ඇඩ්‍රස් එක.

    http://ahasyaathrikaya.blogspot.com/feeds/posts/default

    සාමාන්‍යයෙන් අපි රෝලට අලුතින් ඇඩ් කරන්න, ඇඩ්රස් එකක් දුන්නාම, Feed එක ඔටෝ හොයාගෙන කියනවා, මේක යූස් කරන්නද කියලා. ඔයාගෙ එහෙම අහන්නෙ නෑ.

    ReplyDelete
  8. මට හිතෙන්නෙම layout--> settings--->Privacy වල Visible to search engines ඔන් කරල නැතුව ඇති කියලයි. බලන්න.

    ReplyDelete
  9. @ මහේෂ්

    පරණ එන්ට්‍රි එක අයින් කරලා අලුතින් දාන කොට http://ahasyaathrikaya.blogspot.com/feeds/posts/default දාන්න. හරියනවා. මගෙ රෝලෙ, ඔයාගෙ පෝස්ට් එකට පහලින් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔබේ උදව්වට තුති. මන් බැලුව. visible කරලා තියෙන්නෙ Privacy වල

      Delete
    2. මටත් ජරමර අස්සෙ බරකරත්ත වගෙ, මගේ ප්‍රොපයිල් එක ලෙඩ දෙන්න ගත්තා. අන්තිමට කමෙන්ට් දාන්න බැරුවම ගියා. මේ පරණ බස්සම තමා, තාම පිංතූරෙ අප්ඩේට් වුනේ නෑ.

      ඕකේ. දැන් පාන්දර 4.30. හෙට බලල කියන්නම්

      Delete
    3. හොඳයි.. සුභ දවසක්. බස්සා

      Delete