Thursday, October 14, 2021

ඇයද මව් නම් විය - 4 කොටස

 

පුතා අද මොකද මොන්ඩිසොරියේ කරේ..

මල් ඇ..න්ඳ. කතා ඇහුව...

මුළු දවසම එච්චරද කරේ..

කෑවා. අමායා එක්ක සෙල්ලංකරා... අම්..මේ උත්සවේට සල්ලි දෙන්නේ කවද්ද කියල ලොකු ටීචර් ඇහුව..

හ්ම්.. පුතූ ඔයාට ඔය උත්සවේට යන්නම ඕන..ද

අමායාත් යනවනෙ අම්මේ..

ඔයාට එක යාලුවද තාම ඉන්නේ ආ.. හැමදේටම අමායා.

අම්ම..ට යාළුවො කීයක් ඉන්නවද...

 

පාසල් යන කාලේ ඇයට හිටිය හොඳම යාළුවා රංගිය. රංගි ඇරුණු කොට ඇයට යහළුවෝ යයි කීමට හිටියේ රංගිගේ නැගෙණියත්, තම වැඩිමහල් සහෝදරියත් පමණි. එතරම්ම ඇය ආශ්‍රය කරන පිරිස අල්ප විනි. රංගි කසාද බැඳ පිටරට යෑමත්, තම සහෝදරිය අනුරාධපුර තම සැමියාගේ ගෙදර වාසයට යෑමත් සමග ඒ ඇයිහොඳයිකම්ද ඇයගෙන් දුරස් විනි. දැන් තම දරුවාද තම ආරයටම හැඩගැසෙනවා නේදැයි ඇයට සැකයක් ඇතිවිනි. එහෙම ඉන්න එකත් එක අතකට හොඳයි... යනුවෙන් සිත සිතා සිටිද්දී උත්සවයට දෙන සල්ලි හොයා ගන්නේ කෙසේදැයි මතක් වී ඇයට දෙලොව රත්විය. දරුවා උත්සවයට යෑමට දැඩි කැමැත්තක් දක්වන බැවින් නොගොස් සිටීමටද බැරිය. ඒත් සල්ලි සොයා ගැනීමට කිසිඳු මගක්ද නැතිය.

චායාරූ අන්තර්ජාලයෙනි


 

ඈ බං උඹ තාම රස්සාව කරත් හරි ඇඳුමක් ගත්තේ නෑ නෙ..

ඕවට කොහෙ තියෙන සල්ලිද....

වැඩක් නෑ බං කියල.. එහෙන් පොඩි එකා කියනව ඌට අලුත් සපත්තු දෙකක් අරං දෙන්න කියල. දුව කියනව ගවුමක් මහල දෙන්න කියල.. උන්ට තේරෙන්නෙ නෑ සල්ලි හොයන්න අපි විඳින දුක...

එතකොට අයි..යා..

එන පාටක් නෑ. ළමයින්ටත් දැන් ගානක් නෑ... පොඩි එකානං ඉස්සර නිදියගන්නකොට මතක් කරනව.. එච්චරම තමයි. උන්ගෙ අම්මලටත් කිසි ගානක් නෑ.. ඔය මට බැන බැන ඉන්න තිබ්බොත් උන්ට ඒ ඇති.

සල්ලි එව්වෙත් නැද්ද..

කොහි.. ඇයි අරකිට පුදනව ඇති ඔක්කොම....

එතකොට අර දෙන්න තිබ්බ පොලී සල්ලි හොයා ගත්තේ කොහොමද.

උ..ඹට කියන්න දෙයක් තියෙනව බං. ඒක මං පස්සේ කියන්නම්කෝ....

 

ඒ කතාව මොකක් වන්නට පුළුවනිද.. සීත අක්කටද තමාට මෙන් මුදල් අවශ්‍යතාවයක මිස වෙනත් සබඳකමක අවශ්‍යතාවක් තිබෙන්නට බැරිය. එහෙත් එදා බයික් එකකින් සීත අක්කාව හමුවන්නට ආ පිරිමියා කවුද?. සීත අක්කා වෙනත් කෙනෙක් සමග පැටලී ඇත්නම්... හමුදාවේ සැමියා මෙය දැනගතහොත්... කුමකින් කුමක් වේද කියා සිතද්දී ඇයගෙ සිත මහත් ලෙස කැළඹිනි.

******

 

මේ උඹ අර කියපු දේ ගැන මොකද හිතන්නේ...

අම්..මෝ. ඊට වඩා හොඳයි හිඟා කනව..

හිඟා කන්නත් පුළුවන් බං. පිනකට කැමති උන් ඉන්නවනම්... හැම එකාටම ඕන අපෙ රීරිමාන්සෙ කන්න..

ඒ වගේද ඕවට ගිහින් අහු උනොත්...

අහුවෙන්නේ කවුද බං..

ඒ උනාට අම්..මෝ...

මොනා කරන්නද බං.. දරුවෝ දෙන්නට කන්න දෙන්නත් එපෑ.. මොකෝ බඩකින්නෙ තියන්නද. මනුස්සය කියන එකා දැකල නෑ හත් අවුරුද්දකින්. හැදුවනම් උස්මහත් කරන්නත් එපෑය... සීතා අඬමින් කීවාය.

මොකෝ අක්ක සුපවයිසර් බැන්නද.. ඒහා සෙක්ෂන් එකේ සිටි කොල්ලෙක් යනින් ගමන සීතාගෙන් ඇසුවේය.

කවුරු බනින්ද බං... කෝ උඹේ නංගි... ආවේ නෑ.

නෑ. ගෙදර ගියා අම්ම ලෙඩ වෙලා..

හ්ම්.. හැම කෙනාම මොකක් හරි ප්‍රශ්නෙක... ඇය කාටත් ඇසෙන නොඇසෙන සේ  කීවාය.

7 comments:

  1. foto එකට යටින් වදින කැප්සන් එකක් දැම්මොත් නරකද? (ජාලයෙන් ගත්තු බව ඊලඟට වරහන් ඇතුලේ දාන්න හැකියි.)
    උදාහරනෙකට කියනවා නං 'කන පැලෙන්න ගහනවා!' කැප්ෂන් එකත් එක්ක foto එක දැම්මාම ඒකත් ජාලයට යනවා. කවුරු හරි 'කන පැලෙන්න' වචන දෙක සර්ච් කරනකොට අර foto එකයි- කැප්ෂන් එකයි- අහස් යාත්‍රිකයා නමයි තුනම පෙන්වනවනේ.... ෆ්‍රී පබ්ලිසිටි.. මට නං ඒ ක්‍රමේ සෑහෙන්න උදව් වෙනවා අලුත් පාඨකයන් ගෙන්වා ගන්න.

    ReplyDelete
    Replies
    1. තුති නිදි අදහසට. මන් හරි කම්මැලි ඕවට. එත් බලමුකෝ.. නේද කියවන්නන්ගෙ රුචිකත්වය වර්ධනයටත් එක්ක නේ

      Delete