අලුත්
ගවුමක්...
ඔව්
බං ඊයේ ළමයි දෙන්නටයි, මටයි ඇඳුම් ගත්ත..
හ්ම්..
උඹ
මොකද ඇද වෙලා.. මං දන්නවා උඹ හිතන එක....
එහෙම
එකක් නෑ.. මං කල්පනා කරේ ගමේ යන්නේ කවද්ද කියල.
හ්ම්..
මං හිතුව උඹ මං ගැ...න..
මං
මොනා හිතන්..නද...
මොනා
කරන්නද බං.. මං කෑදර කමකට මෙහෙම කරනව නෙමෙයිනෙ.. පොඩි උන් දෙන්නව ඇඳුම් ගන්න එක්ක
ගිහාම මටත් එකක් ගන්න කියල පොරේ.. බැරිම තැන ගාන අඩුවට තිබ්බ මේක ගත්ත...
හ්ම්..
ඔය හොඳට තියෙන්නේ.
තියෙනව
ඉතින්..
ඔය
කෙනා දැන් ගෙදර තියෙන තැන දන්නේ නැද්ද..
දන්නව..
ඒත් එන්නෙ නෑ. මිනිහට ඕන උනහම විතරක් ඉතින් වැඩ නැති දවසට දෙතුන් සැරයක් කෝල්
කරනව..
කොහොමද
ඔයාගේ නම්බර් එක දන්නෙ..
ඇයි
බං මං කිව්වේ වැරදිලා ආපූ කෝල් එකකින් සෙට් උනේ කියල.. මටත් වෙන කරන්න දෙයක් නැති
කමට නංගියෝ... සල්ලි නැතිම කමට ඉ..ති.න්..
අක්කල
දැන් ඉන්න ගෙදර කාටද අයිති..
අරුට
තමයි..
අයෙ
කතා කරල බැලුවෙ නෑ..
කාටද
අරුටද.. ආයෙ කතා කරන්නෑ...
එත්...
ඇයට
තම සැමියාගේ ගෙදර ගෙවූ කෙටි කාලය මතක් විය. නිතරම සරදම් කරනා නැන්දම්මා, වැඩිමල්
නැගෙණිය හා බීගෙන ගෙදර එන පියා. ඇයට ආ මුල් දිනවල අපායකට පැමිණියා සේ දැනෙන්නට
වුවාය. කාමර දෙකත්, කුඩා සාලය හා කුස්සියත්, වැසිකිලියට යන්නට තිබෙන කුඩා මාර්ගයත් දැක ඇයට සිහි එලවා ගැනීමට මොහොතකට
අපහසු විය. සැමියා සමග නිදියන්නට වූයේ පැදුරුකඩක් එලාගත් සාලයේ, පියා නිදාගන්නා
තැනට ටිකක් එහායින් වෙන්නටය.
මේ
ටිකේ මෙහෙම ඉමු හොඳේ.. ලබන මාසේ විතර කාමරයක් ගමු කුලියට..
කාම..ර.යක්.
ඔව්
.. කෝ ඉතින්.. එන්න.
අ..නේ
මේ. තාත්තත් මෙත..න එහාට වෙන්නකෝ
හරි
හරි එයාට හොඳටම වෙරි.. කාමරේ ගත්ත දවසට
අපි දෙන්නට විතරක් තනියම ඉන්න පුලුවන්..
කාමර..ය.ක්..
ඇයට ප්‍රහේලිකාවකි. හතර දෙනෙක්ට මේ පොඩි ගෙයත් මදි තැන තනි කාමරයක් දෙදෙනෙකුට
අරගෙන කුමක් කරන්නද?. කෑම උයන්න, ඇඳුම්
අඳින්න, නිදා ගන්න යන සියල්ලටම එක කාමරයක්, බිත්ති හතරකින් වටවූ එක් තැනක්... ඒ මදිවට දැන් තවත් කෙනෙක් මෙලොවට
එන්නටද නියමිතය. මේ සියල්ල මතක් වී ඇය සාලයේ සැමියා සමග නිරුවත්ව අසිහියෙන් මෙන් සිටියේ
පියාද වෙරි මරගාතේ දඟලමින් සිටියදීය.
**********
හොඳයි.
පොඩි නෝනා හාමු නැගිටින වෙලාව..
නෑ..
අම්..මේ පොඩ්ඩක් නින්ද ගියා
ඔව්
ඉතින්. මහ රෑ වෙනකන් වැඩනේ මේ ගෙදර..
හුම්...
මං ඕව සුද්ද කරන්නම්. අර ටික හෝදලා දාන්නකෝ. සැමියාගේ වැඩිමල් සොයුරියද කතාවට
හිනාවෙමින් ඇයට වැඩ පවරයි.
අම්මේ
මං යනව... මේ මං යනව හොඳේ..
ඔහොම
ඉන්න ළමයෝ කාල පලයන්..
කන්න
ඉතින් තාම උයල නෑනෙ..
කට්ටියට
ඉතින් වැ..ඩ.නේ. තවමත් සහෝදරිය පහු වී අවදිවීම ගැන ඇනුම්පද කියයි.
කෝ
උඹ තාම හෝදලා ඉවර නැද්ද.. අතගානව මෙතන. අපේ එකත් ගොන් නාම්බනෙ.. අර සයිමගේ කෙල්ලව
අතෑරලා වෙන ඒව හොයන් ගියා.. දැන් ඔය හම්බෙලා තියෙන්නේ..
ඇය
ගමෙන් ඔහු සමග ආවේ මෙවන් දෙයක් සිහිනෙකුඳු බලාපොරොත්තු නොවෙමිනි. දැන් ඉතින් කුමක්
වුවත් ආ තැනට හැඩගැසීමට සිදුවේ. ඇනුම් බැනුම් අසාගෙන ඉන්නට සිදුවේ. සැමියාට ගතු
කියාද පලක් නැත. එයින් වන්නේ තවතවත් ගැටළුව දුරදිග යෑමය. මේ ගෙදරින් යනකං සිදුවන
හැමදෙයක්ම විඳදරා ගෙන නිහඬව සිටීමට ඇය ආ දිනයේම සිත හදා ගත්තාය. ගැටුමකට යනවාට වඩා
සාමකාමීව ගැටළුව විසඳෙන තුරු සිටීම නුවනට හුරුය.
+++++
ReplyDeleteවැටට තුති
Deletehttp://podisadugeliyamana.blogspot.com/2021/10/blog-post_17.html?m=1
ReplyDeleteබලන්ටම්
Deleteමේ අඳුරු කොටස මම බොහෝ කතා වල මෙන්ම දුටු දෙයක්. අර ෆිල්ම් එකක් ආවේ බොරදිය පොකුණ කියල. බලල තියනවද.
ReplyDeleteඒක බොර පාටයි නේ. මාළු බාන්ට නං පුලුවන්. යංද 😃😃😃
Deleteඅජිත් අඳුර ඉතින් දැන් හැම තැනම රජ කරන එකක් නෙව
Deleteඑළම.. ලියම් දිගටම. එමි හැකි ලෙසක ජය
ReplyDeleteසමාවෙන්ට. ලියන්න හිතන් හිටපු ඒවා එකක්වත් කාලයක් යනකන් දාන්න වෙන්නෙ නෑ මහා. මේකෙන් පස්සෙ මොකක්වත් නොදා ඉන්ටයි හිත. වැඩ අස්සෙ කොරන්ට බෑ
Delete+++++++++
ReplyDeleteකියෙව්වා.🤔
තුති ටොමි
Deleteමෙන්න මේක බලලා, "සිතුවිලි" සිංඩියේ(https://sithuvili.net) රෙජිස්ටර් වෙන්න.
ReplyDeletehttps://balunakuta.blogspot.com/2021/10/blog-post_18.html?showComment=1634791830508#c4212547307108510237
තුති ටොමි ඔත්තුවට
Delete"පතා පැමිණි සුර පුරවර
ReplyDeleteවෙලා ගැණුනි ඝණ කළුවර ...//
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කඳුළු කතාවක කෙළවර
අසන් හිමියණේ
කාට කියන්නද මේ දුක
ඔබ හැර"
ලස්සන පද පෙළක්, කතාවටත් ගැලපෙන
Delete