Friday, December 24, 2021

ඇයද මව් නම් විය - 9 කොටස

චායාරූ අන්තර්ජාලයෙනි

ආ එන්නකො අම්ම ටිකක් මෙහෙට..

ආ.. ඇයි ටී.ච..

මේ අම්මගේ හස්බන්ඩ් නෑ නේද..

න්..නෑ ටී..ච අක්සිඩන්ඩ් එකක් වෙලා නැති උනා.

අ..ආ එක තමයි. ඔයා දැන් තැනක වර්ක් කරනවද?.. ඉන්නේ හස්බන්ඩ්ගෙ ගෙදරද..?

ඔව්.. ගාර්..ම.න්ට් එකක. බෝර්ඩ් වෙලා ඉන්නෙ..

හ්..ම් දැන් එතකොට උත්සවේට ගෙවන්න සල්ලි තියෙනවද.. තාම ගෙව්වේ නෑ නේද..

නෑ.. ටීච.. මං තව මාසෙකින් ගෙවන්නම්..

ආ කමක් නෑ.. මං ඒක අහන්න නෙමෙයි කතා කළේ.. ඔයා කැමති නැද්ද පාට් ටයිම් වර්ක් කරන්න.. දන්නවනෙ.. ඔයාට කුලී ගෙවන්නයි, කෑම වලටයි, ස්කූල් පීස් ගෙවන්නයි.. කොච්චර සල්ලි හෙව්වත් අද කාලේ මදි..

ඔ..ව්.

මං පස්සේ විස්තර කියන්නං.. ඔයාගේ කන්ටැක්ට් නම්බර් එකක් දෙන්නකෝ..

මං ඉන්න ගෙදර එක දෙ..න්.නද

ආ කමක් නෑ.. කියන්න...

 

පෙර පාසල් ගුරුවරිය දෙවන වර හමුවේදී තමාගෙන් ඇසූ දෙයට තවමත් ඇය සලිත වී සිටි. මුදල් සඳහා එවන් දෙයක් කිරීමට කාට නම් හැකිද?. ඒත් මේ කොළඹ හමනා සුළඟ පවා ගමට වඩා වෙනස්ය. තම ආත්මයත් ගසාගන යන ඒ සුළඟට එකතුවීමට ඇයට හැකියාව නොමැත. දරුවා උස්මහත් වූ දිනෙක දැනගතහොත්, දෙමාපියන් දැනගතහොත්.. ඒ නැතුව අවට ඉන්න අය දැනගතහොත්, පාරේ බැස යන්නේ කොහොමද?.. ඇයගේ සිතේ දහසක් සිතුවිලි ඇතිවේ. එදින ඇයට නින්ද පැමිණියේද මහ රාත්‍රියත් පසුවීය. උදෑසන පෙර පාසලට දරුවා දමා ඈ වේගයෙන් ආවේ නැවතත් අර ගුරුතුමිය හමුවේදෝ යන බයෙනි.

_____________________________________

 

මොකද බං... දාඩියත් දාගෙන. පයින්ම ආවද.

ඔව්. ගෙදරටත් ගිහින් ආවේ..

හ්ම්.. මොකද කරදරයක්වත්ද.. ඇස් දෙකත් යට ගිහින්..

නෑ... ඊයේ රස්නෙට නින්ද ගියේ නෑ හරියට

දන්නවද.. අරු ලියුමක් එවල..

ක..වු.ද

කවුද ඉතින් ළමයින්ගේ මහ එකා... වෙන රෙජිමන්ට් එකක්ලු දැන් වැඩ...

අයිය එන්නේ කවද්ද..

ඒක ඉතින් ඌම තමයි දන්නේ.. ආරංචි අර කෙල්ලට ළමයෙක් හම්බෙන්නලු ඉන්නේ..

අක්කට කවුද කිව්..වේ.

ඒ පැත්තේ ඉන්නව මං කලින් වැඩකරපු ෆැක්ටරියේ යාලුවෙක්ගේ මල්ලි කෙනෙක්. එයාට කියල ආරංචි කරල බැලුව...

ඉති..න්

ඉතින් කියන්නේ හරියටම කියන්න බෑ කිව්ව.. ඒත් කිව්ව විස්තරත් එක්ක මිනිහ වෙන්න ඇති කිව්ව.. ඒ මල්ලි තව දන්න දෙතුන් දෙනෙක් දාල බලල.. ට්‍රාන්සර් එකක් හම්බෙලා වෙන කෑම්ප් එකකට ගිහින් එතකොට..

හනේ මන්ද... ඉතින් ඔයාට තියෙන්නේ ගෙදර දෙන්නට කියන්නනෙ..

උන්ට කියනවට වැඩිය හොඳයි කට බිම අතුල්ලගන්නව... උන් ඒකටත් ඉතින් මට දොස් කියයි.. මගේ වැරැද්ද හින්ද එහෙම උනේ කියල...

ඒක හරි වැඩක්නෙ.. ඔයා මොනා කරන්නද.

මේ.. ඉරිදා අර හන්දියේ පන්සලට යන්න ඉන්නේ එනවද අක්කත්..

හ්ම්.. හිටියොත් බැරියැ.. ඇයි පුජාවක් තියන්නද.

නෑ..  බුදුන් වඳින්න. ගමේ ඉද්දිත් නිතරම ළඟ තිබ්බ පන්සලට යනව එකයි..

මේවා අපේ ගම් වෙලත් හත් අවුරුද්දකින් ගිහින් නෑ ඔය පන්සලට..

 

ගම කියද්දී ඇයට නැවතත් ගමේ යන්නේ කවද්දැයි මතක් විය. යන්නේ මොනවා අරගෙනද?. ගිහින් මොනවා කතා කරන්නද?. ගෙදර අය මොනවා අහයිද.. මොනවා කියයිද.... කරන්න තියෙන්නේ කරබාගෙන කියන දෙයක් අහගෙන සිටීම පමණි. වැරැද්ද තමන් අත නිසා එසේ සිටීමටද සිදුවේ. අවුරුදු ගණනකින් තම මවගේ, පියාගේ, සහෝදර සහෝදරියන්ගේ හා අසල්වාසීන්ගේ මුහුණු ඇය දැක නොතිබිණි. ඒවා කෙලෙස කාලයේ වෙනසට හසුවන්නට ඇත්දැයි ගිය විට දැකගත හැකිය. එවිට ඒ අයද තමන්ගේ වෙනස්වීම් දැකගනු ඇත.


4 comments:

  1. ටීච කතාකොරන්ටෙ නම් හොඳකට නෙමේ වගේ..

    ReplyDelete
  2. කුමන හෝ ආකාරයක කාර්මික දෝශයක් හේතුකොට ගෙන ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ දැක්වීම කල නොහැකි තත්වයක පවතී. එහෙත් ඉදිරි දින දෙක ඇතුලත අප පගේ උමරිමයෙන් ඒවෙනුවෙන් කටයුතු කරණු ඇත! දින දෙකක් කල් දෙන්න! බලා පොරොත්තු අත්හරින්න එපා!

    ReplyDelete
  3. තුති. ඔබගේ සින්ඩිකේටරයත් එල්ලාගෙන තිබෙන්නේ සඳකඩපහණ.

    ReplyDelete