මිටියාවත
පහළ සත්ත්ව ගොවිපළ තුනක් තිබුණා. මේ ගොවිපොළ හිමිකරුවන් ඒවා හොඳින් පවත්වාගෙන ගියා.
ඔවුන් හරිම පොහොසතුන් වුණා. ඒ වගේම නාස්තිකාරයිනුත් වුණා.
මේ තුන් දෙනාගෙන් කවරෙකු ඔබට මුණගැසුනත් තුන් දෙනාම එක වගේ
නාස්තිකාරයන් වගේම මහා ලොභයින් වුණා. ඔවුන්ගේ නම් තමයි බොගිස්, බන්ස් සහ බීන්.
බොගිස්
කුකුළු ගොවිපොළ හිමිකරුවෙක්. ඔහු කුකුළන් දහස් ගණනක් ඇති කළා. ඔහු අතිශයින් මහතයි.
තම්බා පිටිගුලියකින් වසන ලද කුකුළන් තිදෙනෙකු දිනපතා උදෑසන, දිවා සහ සන්ධ්‍යා
ආහාරය වශයෙන් ගැනීම ඊට හේතු වුණා.
බන්ස් පාත්තයන් සහ තාරාවුන් ඇති කළා. ඔහු සතුව පාත්තයන් සහ
තාරාවුන් දහස් ගණනක් සිටියා. ඔහු තුන් කුඩු වූ අයෙකු වගේ වුණා. ලොව ඕනෑම පිහිනුම්
තටාකයක නොගැඹුරු ස්ථානයේ සිටියත් ඔහුගේ නිකට දිය යට වදිනවා. ඔහු ඩෝනට් සහ පාත්ත
අක්මා ආහාරයට ගත්තා. ඔහු පාත්ත අක්මා පොඩිකර අප්‍රියජනක තපලයක් සදා එය ඩෝන්ට් තුළ
රුවා ආහාරයට ගත්තා. මෙම ආහාරය ඔහුට බඩේ රුදා සහ දරුණු කේන්තිය ගෙන ආවා.
බීන් කුකුළන් ඇතිකරන අතර ඇපල් වතු හිමිකරුවෙක් ද වුණා. ඇපල්වලින් පිරී ගිය වත්තක ඔහු කළුකුන් දහස් ගණනක් ඇති කළා. ඔහු කිසිඳු ආහාරයක් එකවර ගත්තේ නැහැ. ඔහුගේ ඇපල් වලින් පෙරණ ලද තනුක ඇපල් සයිඩර් (මත්පැන්) ගැලුන් ගණන් ඔහු විසින් පානය කරනු ලැබුවා. ඔහු පැන්සලක් මෙන් කෘෂ වූ අතර තිදෙනා අතරින් දක්ෂතමයා ද වූවා.
✍👍👍👍....
ReplyDeleteතුති, ආවට
Deleteරෝල්ඩ් ඩාල්ගේ ඉතාම රසවත් පොත් දෙක තුනක්ම සිංහල බසට පරිවර්තනයවී තියෙනවා. මැටිල්ඩා එකක්. දෙවැන්න තාත්තයි පුතයි.
ReplyDeleteකියවලනම් නෑ, නිදි මේකත් අන්තර්ජාලයේ තිබිල දැක්කෙ
Deleteහැකි නම් හොයාගෙන කියවන්නකෝ. වැඩියත්ම ලියන්නෙ මං එක පොතක නම වැරදියට ලියලා තිබුණු නිසා. ගොඩගේ පොතක් වෙන දෙවෙනි එක'තාත්තයි මමයි'.
Deleteහොඳා
Delete++++++++++🙏👌😊
ReplyDeleteතුති, ආවට
Deleteකැමති නම් අටම්පහිය සහ මාතලන්ගේ සින්ඩියටත් එකතු වෙන්න,මුහුණු පොතේ අඩයාලම, විදිල්ල වගේ එකතු හරහාත් ඔබේ නිර්මාණ වෙනත් රසික පිරිසකට ගෙනියන්න පුළුවන්.හිතල බලන්න.
ReplyDeleteස්තූතියි අනුරුද්ධ පෙන්වා දීමට
Deleteඒක මරු.
ReplyDeleteඔව් ලියෝනි
Delete🤗👌💕
ReplyDelete