උඹ
ගෙදර ගිහින් මුකුත් ගෙනාවේ නෑ....
මොනා
ගේන්නද අක්කේ..
මේ
තාත්ත එහෙම කතා කලාද.. මොකෝ දෙන්න කිව්වේ.. බැන්නද.
අම්මනං
ඉතින් කෑ ගැහුව... තාත්ත කතා කලේ නැති තරං..
ආ
කතාව නවත්ත ගත්තොත් හොඳයි.. සීත උඹ දැන් OT කරන්නේ නැද්ද..
මොකෝ ආයෙම මිනිහ සල්ලි එවන්න පටන්ගෙනද... නැත්තං හම්බෙන වෙන විදි තියෙ..න.වද. කියා
සුපවයිසර් තැන සීතාට ලංවී ඇසුවේය.
මේ..
ඔයාවත් එන්නකො රෑ වැඩට. කවුරුත් නෑ අනේ රෑට..
මොක..ක්.ද
සර්..
රෑ
වැඩට ඉන්න බැරිද කියල ඇහුවෙ.. හැමදාම ඉතින් පුතා ළඟ ඉන්නත් බෑනෙ.. අනික අතට
වැඩිපුර ගානකුත් හම්බෙන එකේ නේද සීත.
ඉන්න
පුලුවන් නිසා නෙ ඔය ඉන්නේ සර්.. සීතා තමාට එනකන් සිටි අවස්තාව ප්‍රයෝජනයට ගනිමින්
උස් හඬින් කීවාය. මුහුණ හතරැස් කරගත් සුපවයිසර් සිනාසෙන ඇය හා සීතා දෙස මොහොතක්
බලා සිට යන්නට විය.
උඹ
එහෙම කිව්වහම මිනිහගේ මුණ පුස්වෙලා ගියා..
කොහොමත්
ඕකට තියෙන්නේ පුස් මුණක්නෙ.. උදේට දැක්කොත් ඉවරයි.
ගෑනි
කොහොම ඉන්නවද මංද..
ගෑනිත්
මූත් එක්ක ඉන්නේ නැති නිසා මෙහෙ කෙල්ලන්ට ලයින් දානව.. සෙවලය. මට ඕකව පෙන්නන බෑ..
ගණන්
ගන්න එපා..
මේ
ඒක නෙමේ, කිව්වත් වගේ දැන් උඹ ඔය සල්ලි, ඉස්කොලේටයි බෝඩිමටයි
දෙන්න තියෙන ඒව.. කොහින් හොයන්නද.. උඹ ගෙදර ගියේ අම්මලාගෙන් ඉල්ල්නද..
අනේ
නෑ අක්කේ.. ආයෙ ඒගොල්ලන්ට කරදර කරන්න මං කැමති නෑ. දුන්නු වද මැදෑ.. කියමින් ඇය
වැඩ ඇරී ගෙදර යන මග දිගටද කල්පනා කළේ පෙර පාසල් උත්සවයට ලබා දීමට අවැසි මුදල් සොයා
ගන්නේ කෙසේදැයි කියාය. නැවතත් ගමට යන්නට කොහෙත්ම බැරිය. ගමේ ජීවිතය සිතින් දියවී
ගොස් නගරයේ ගුඪ ජීවිතයට මුහුවී හෝ මුහුවෙන්නට කැමැත්තක් සිතේ ඇයටත් නොදැනීම ඇතිවී
ඇත. දරුවා පෙර පාසල් නොයවා ගෙදර තියාගෙනත් බැරිය. තියා ගන්නට විදියක්ද නැත. කුමක්
කරම් දැයි විවිධ සිතිවිලි අතරේ අතරමංව සිටි ඇයගේ සිතට හදිසියේම ආවේ එක් දිනක් පෙර පාසලේ
ගුරුතුමිය කළ යෝජනාවය. සල්ලි හම්බ කිරීමට නොකරන දෙයක් මේ පොළොවේ අය ළඟ නැත. මව මරා
හෝ දේපළ තමන් සතු කරගැනීමට වලිකන අයද, බිරිඳ උගස්කර හෝ සල්ලි
හම්බකිරීමට උත්සහ කරන අයද මේ කොළඹ නැතුවා නොවේ. එහෙව් එකේ මෙවන් රැකියා කර හෝ තම
ජීවතය ගැටගසා ගන්නා කාන්තාවන් අනන්තවත් මේ කොලොම් තොටේ නොඅඩුව සිටිනා බව ඇය
හොඳාකාරවම දැනී. ඒ බව පුවත්පත්වලින් හමුවන ලැගුම්හල්, ස්පා
දැන්වීම්වලින්ද මනාව ඔප්පුවේ. ලංකාවේ මෙතරම් නවාතැන් නැති අය සිටිත්ද? මේ තරමටම සම්බාහනයට කැමති අය සිටින්නට පුළුවනිද?.. එක අතකින් අහන අහන කෙනා ළඟ සල්ලි නැත්තෙත්, මෙවන්
තැන්වල හා මත්පැන් හල් ඇතුළු සියලුම දුසිරිත් වඩවන තැන්වල ගැවසෙන්න හින්දාද..
හැමදෙනාම මේ දුසිරිත්වලින් සන්තර්පණය වී මුදල් නැති නාස්ති කරගන්නා අයද... මෙවන්
දහසකුත් සිතුවිලි මැද ඇය කුලී නිවාස කරා මහත් මානසික විඩාවකින්ද, හවස පවා වදදෙන හිරු රශ්මියෙන් ඇතිවන ගතේ විඩාවකින්ද පෙළෙමින්
පැමිණියාය. සිතුවිලි සයුරේ ගිලී එලෙස එන ගමනේ පාරේ යන වාහන වලින් ඇය නොගැටී බේරුනේ
අනුනමයෙනි.
_______________________________
කන්න
මේ කටත්.. කෝ අන්තිම කටවල් ටික. පුතා..
ඇති
අම්මේ..
මේ
පුතා. අර එදා අපිත් එක්ක කතා කරපු ටීච ආයි මොනා හරි ඔයාගෙන් ඇහුවද..
කවුද
අම්මෙ.. අර සුදු උස ටීචද..
ඔව්..
එදා මං ඉස්කෝලේ ආපුහාම කතා කරේ..
ඇහුව..
ඉන්නේ කොහිද.. අම්ම තාම වැඩට යනවද කියල
ඔයාලට
ඒ ටීච උගන්නන්න එනවද...
නෑ..
ටීච ඉන්නේ ඒහා පන්තියේ..
ආයේ
ඒ ටීච දැක්කොත් මගඇරල ඉන්න හොඳද පුතා..
පෙර
පාසල් ගුරුවරිය ගෙදර සොයාගෙන එන්නටද බැරි නැත. ලිපිනය කාර්යාලයෙන් ලබා ගත හැක. ඒ
මදිවාද ඇයගේ ළඟ තම කුලී නිවසෙ දුරකථන අංකයද ඇත. මේ කඩා පාත්වූ කරදරය කුමක්ද යැයි
ඇයට සිතා ගැනීමට නොහැක. සල්ලි සෙවීමට මෙවන් ක්‍රමයක් කියාදෙන ගුරුතුමියක් කෙසේ නම්
ළමයින්ගේ දෑස් පාදන්නද. අනාගයේ යා යුතු මග කෙලෙස මේ දරුවන්ට කියා දෙන්නද. තම පාසල්
කාලයේ ඉගැන්වූ ගුරු ඇදුරන් ඇයට නිතැතින්ම මතක් වේ. එම ගුරුවරු පඩිපතට පමණක් ඉගැන්වීම
සිදුකළේ නැත. ජීවිතයට අවශ්‍ය ශක්තියද, දිරියද ලබා දෙමින් හරි මග
ගෙන එහි යෑමට අත්වැල සැපයූහ. තම බත් පත අසරණ දරුවෙක්ට දී සහෝදර ගුරුවරුන් එක බත්පත
කන අවස්ථා ඕනෑ තරම් ඇය ඒ දිනවල දැක ඇත. එදා එසේ වෙද්දි අද ගුරුවරියක් තම පාසලේ දරුවෙකුගේ
මවකට මුදල් සෙවීමේ මාර්ගයක් ලෙස අයුතු මාර්ගයක් පෙන්වා දෙයි.
හ්ම්.....කියෙව්වා. මෙහෙම හරි ලියන එකම මඳෑ?🙏👌😊
ReplyDeleteතුති D.G.M බස්සා
Delete++++++++++++
ReplyDeleteතුති අජිත්
Delete