Tuesday, September 14, 2021

රනිල් වික්‍රමසිංහ

 රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ. එහෙම කිව්වහම එකපාරටම යාත්‍රිකයටවත් හිතාගන්න බෑ. එත් රනිල් වික්‍රමසිංහ කිව්වහම ලංකාවේ නොදන්නා කෙනෙක් නෑ. වැඩි දෙනෙක්ගෙ විවේචනයට ලක්වෙච්ච චරිතයක් වගේම තවත් පිරිසක් දරන මතය තමා උගත්, බුද්ධිමත්, අනාගතය දකින, පොතපතේ දැනුම තියෙන කෙනෙක් වන එතුමා රට කරවන්න වඩාත් සුදුසුයි කියල. ඇත්තටම එතුමා එහෙම කෙනෙක්ද?.. ඒ වගේ හිතන කෙනෙක්ද ආසියාවට අයත් රටක් වන මේ ලංකාවෙ පාලනයට එන්න ඕන..

එතුමාගෙ උපදින්නේ විදිහට සටහන් වෙන්නේ 1949 මාර්තු 24. කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ නීතිඥයෙක් මෙන්ම උපාධියක් හිමිව මෙතෙක් ලංකාවේ අග්‍රාමාත්‍ය පදවිය දැරූ පළමු පුද්ගලයා හා එකම පුද්ගලය මෙන්ම 5 වතාවක් එම දූරය දරපු එකම පුද්ගලයාද වෙනව. ජනතාවගෙද නැත්තං ඔහුගේ අවාසනාවටද තාම ජනපති වුනේ නෑ. දැන් වෙන්න විදිහකුත් නැති තරම්. උගත් පවුල් හා සමාජ පසුබිමක ජීවත්වුණ මෙතුමා 1994 දි බිරිඳ කරගන්නෙත් ඒ වගේම පරිසරයක හැදී වැඩුණු ඉංග්‍රීසි පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන මෛත්‍රී වික්‍රමසිංහවයි. ඒ වගේම උසස් පැලැන්තියක් වන විජේවර්ධන පෙළපතත් මෙතුමාගේ නෑයින් වෙනව. පාර්ලිමේන්තු සභාවේ උසස් පෙළපත් වුන සේනානායක, දිසානායක යන පෙළපත් සමග තම නාමයද එකතු කරමින් පාර්ලිමේන්තුවට පැමිණ අගමැති දක්වා එතුමා ආ ගමනේ විශේෂ තැන් -

1997 බියගමින් තරඟ කර ලබා ගත් චන්ද සංඛ්‍යාව 22,045

1989 ගම්පහට තරඟ කර ලබා ගත් චන්ද සංඛ්‍යාව 86,447

J. R ජයවර්ධන රජයේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධුරය ඉසිලූහ

1993 රණසිංහ ජනපති ඝාතනයත් සමග පළමුවරට අගමැතිවරය විදිහට පත්විය

1994 වසරේදි විවාහ විය

දෙවෙනිවර - 2001 මැතිවරණ ජයග්‍රහණයත් සමග

තෙවනවර - 2015 ජනවාරි

හතරවනවර - 2015 අගෝස්තු

පස්වනවර - 2018 දෙසැම්බර් මස 16 වන (මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීම නිසා)

2015 කොළඹින් තරඟ කර ලබා ගත් චන්ද සංඛ්‍යාව 500,566 (2019 දක්වා එක් පුද්ගලයෙකු ලබාගත් වැඩිම චන්ද සංඛ්‍යාව වන අතර 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගණන් කිරීමට තරම් ප්‍රමාණවත් චන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට ඔහුට තියා පක්ෂයටවත් නොහැකිවිය)

ඔහොම ඇවිත් පක්ෂ නායකත්වයත් ගිලිහෙන මොහොතක UNP එකට ලැබුන එකම මන්ත්‍රී අසුනට තමන්වම තෝරගත්ත කොහොමින් හරි...

 

1 රූපය - උපුටාගැන්ම අන්තර්ජාලයෙනි
1 රූපය - උපුටාගැන්ම අන්තර්ජාලයෙනි


No comments:

Post a Comment