Thursday, September 23, 2021

මේ ප්‍රථම වසන්තයයි


පෙම් සුව නොවිඳි හදකට ඒ සමය ගිම්හානයයි. තනිකම, වේදනාව, කාන්සිය දන්වන සමයයි. මෙසේ ගෙවෙන ජීවිතය නිමා කරමින් එන සමය වසත් සමයයි. ආදරය සුව නොවිඳි හදකට එය ප්‍රථම වසත් සමයයි. තනිකම දුරුකරමින් උදාවන මේ වසන්තය ජීවිතයේ මල් හටගන්නා සමයයි. සුන්දර මලින් පිරී ගිය මේ වසන්තයේ ඇහෙනා එකම හඬ මල් ඇසුරේ රොන් සොයනා බිඟු හඬයි. එයයි ප්‍රථම වසන්තයක දැනෙනා අසිරිය.. නැවුම් හැඟුම් උපදින, ප්‍රාර්ථනා විකසිත වන හිරිමල් තරුණ හදවතකට.

මෙවන් අසිරියක් නොවිඳ සිටි කාලය අඳුර හා සමයි. ඒ අඳුර පහව යන තුරා බලා සිටි වාර අනන්තයි. ඒ එනතුරු අඳුරේ බලා සිටි සඳ අද මේ වසන්තයේ.. ප්‍රථම වසන්තයේ මෝදු වී හමාරය. සුපුන්ව දිලෙනා සඳ සේ. ඒ මේ කුළුඳුල් වසන්තය උදාකරවන්ටයි.

ඒ ගිනියම් ගිම්හාන අඳුරේ සිත සනසා ගන්නට කොතරම් නම් මුලාවේ වෙලෙන්නට ඇද්ද. අද ඒ දුරු වූ අඳුරේ මිහිර, කතරට ඇදහැළුණු ජලයේ සිසිලස සේ සමයි. ඒ සිසිලස මේ ඔබයි. කුළුඳුල් වසන්තයේ මේ මිහිර ඔබයි.


2 comments: