Monday, January 24, 2022

ඇයද මව් නම් විය - 12 කොටස (නිමි)

 

රූපය අන්තර්ජාලයෙන් උපුටගන්නා ලදී

"තාම මේ මාසේ කුලිය දුන්නෙත් නෑ නේද මේ ළමය.."

"අපිටත් මේ ටිකේ අමාරුයි ළමයෝ.. දරුවො දෙන්නටත් එන්න විදිහක් නෑ.. ඒ ගොල්ලොන්ටත් ඉතින් වැඩ රාජකාරිනෙ.."

 

"කොන්සට් එකේ ඇඳුම් මහලත් ඉවරයි.. අම්ම සල්ලි දෙන්න ඕන මහන කෙනාට... "

"අම්ම.. උත්සවේට තව දවස් තුනයි.. හෙට හරි අනිද්දා හරි සල්ලි ගෙවනව නෙ..."

"අම්..මේ. හැමදාම කන්න තියෙන්නෙ මේවා විතරද.."

 

"පිටින් එන අයට ළඟ ඉඳලම රෑ ශිෆ්ට් ඒකටත් ඉන්න වෙයි”

"භාහිරින් වැඩට ගන්න අය අඩු කරන්න තීන්දු කරල තියෙන්නෙ.. උඩින්. දැන්ම ගාමන්ට් එකෙන් ආවොත් ගන්නම්.. නැත්තම් කවද ගෙදර නවතින්න වෙයිද දන්නේ නෑ.. "

 

"අඩු ගානට වී හෙට්ටු කරන නිසා හම්බෙන්නෙත් දැන් සොච්චමයි.. ගිය කන්නෙත් වගාවක් හරියට නෑ"

"දැන් තාත්තට ඉස්සර වගේ එච්චර මහන්සියෙන් වැඩ කරන්නත් බෑ කෙල්ලෙ.. ඒ නිසා පොඩි එකත් දැන් ඉඳල හිටලා කුඹුරට එක්කං යනව"

 

මේ හැම සිරවීමකින්ම... ගැලවීමට ඇයට පෙනුණු, වැටුණු පාර අගාධයකි. නරකාදියකි. ඇය එයට දැන හෝ නොදැන පියවර තැබීය. තම දෙමව්පියන්ට, සහෝදරයාට උදව් කිරීමට, දරුවාට හා තමාට ජීවත් වීමට ඇය අකමැත්තෙන් වුවද ඒ තීරණය ගත්තාය. ඇය මැව් සිහින ජීවිතය හමාරවූයේ ඔහුත් සමග කොළඹ ඔහුගේ නිවසට ආ දවසේමය.

 

"අපි ගමේ තියෙන තාත්තලාගේ ඉඩමක පොඩි ගෙයක් හදන් එහෙ පදිංචි වෙමුද"...

"මොනාද අනේ.. බලන්න ලෙඩක් හැදුනහම බේතක් ගන්න හරියට තැනක් නෑ. මතකනෙ මට ඔයාලගේ ගමේ කකුල කැපිල වෙච්ච දේ. බස් එකක් අල්ල ගන්න පැය ගානක් ඉන්න ඕන. ඒ මදිවට මෙහෙ වගේ එක කඩයක් තියෙනවද. ලයිට් තියෙනවද.. ඔයාම කියන්න. කොහොම ඕවයෙ ඉන්නද අනේ... අපි ටික දවසක් මෙහෙම ඉඳල මං කිව්ව අර බෝඩිමට යං"

ඔහු නිතරම කී සැටි ඇයට දැනුදු මතක් වේ. නිතරම ඔහු කොළඹ ජීවිතයේ සැප පහසුව, දියුණුව ගැන කියමින් ඒ කතා මගහැර දමයි. ඒ ඔහු කුඩා කළ සිට හුරු පුරුදු වූ පරිසරය කොළඹ නිසා වෙන්නට පුළුවනි. නමුත් ඇය දැන් සැමියා නැතත් නගරයට වී සිටින්නේ මන්දැයි ඇයම නොදන්නිය. සමහරෙක් විට ඇය මේ කොළඹ හමනා චණ්ඩ සුළඟට හසුවූවා වන්නටද පුළුවන.

 

දැන් ඒ සියලු කතා අතීතයට ගොස් හමාරය. ඒ වෙනුවට ඔහුගෙන් ලැබුණු දරුවාත් සමග ඈ ඔහු කිව් ඒ බෝඩිම් ජීවිතය විඳිමින්, විඳවමින් සිට මුදලට විකිණෙනා එකියකි. ජීවිත් වීමට මුදල අත්‍යවශ්‍ය නිසා එය සපුරාගැනීමට විකිණෙනා එකියකි. ගමෙන් නගරයට අවුදින් ජීවිතය වරදාගත් එකියන් අතර එකියකි. ලිඳට වැටුණු එකා ළිං කටෙන්ම එන්නට ඕනෑ කියන්නා සේ ඈ කොළඹ අව්කාෂ්ට ජීවිතේ ජීවත් වීමට ඊට සරිලන අකාරයේ රැකියාවකට යොමුවුවාය. ගමේ ගෙව් ඒ නිදහස් ජීවිතය ගැන දැන් හාන්කවිසියකවත් ඇයට මතක නැති මුත් ගමට නොවරදවාම මුදල් යැව්වාය. ඒ සරල නිදහස වෙනුවට හිසමත අද මහා බරකි. මේ ඇය ගෙවන්නේ, ගෙවෙන්නේ ඇයගේ හොඳම වයසය. තරුණ අවදියය. තරුණ අවදියේ මේසා බරක් දරා සිටීම ගැන ඇය පැසසුම් ලැබිය යුතුය. නමුත් දැන් ඇය දොස් නගන රැකියාවක නිරතවෙමින් ඒ තරුණ වයස ගෙවා දමමින් සිටින්නීය. තම දරුවා වැඩිවියට උස්මහත් වෙද්දී ඇතිවන තත්වයද ඇය නොදන්නවාම නොවේ. ඒ වාගේම අවට සමාජයෙන් ඇතිවීමට හැකි අවලාද, අපහාස, ගැටළු ගැනද ඇය නොසිතුවාම නොවේ. ඒ සියල්ල දරා ගනිමින් ජීවත් වීම ඇත්තෙන්ම පැසසුම් ලැබිය යුතු නොවේද ..?.

 

නිමි-

14 comments:

  1. සඳකඩපහනේ කැටපත්පවුරේ ඉඩක් වෙන්වී ඇත!

    ReplyDelete
  2. ජීවිතය අත් නොහැර දරුවන් අත් නොහැර ජීවිතය අල්ලන් ඉන්න අම්මලා වගේම තාත්තලාත් මේ සමාජයේ කි දාහක් ඇත්ද.ඒ අය වෙනුවෙන් මේ වගේ කතා කලාට ස්තූතියි අහස්! සමාජ විරෝධී නීති විරෝධී ජීවන උපායන්ට ඒ අය පෙලඹෙන්න වැරදුනේ කොතනද? අපේ අධ්‍යාපන ක්‍රමයේ පටන් ආකල්ප, සමාජ,ආර්ථික, සංවර්ධනයක් ඇතිවෙලා කවදා හරි දවසක මේ දම්වැලේ පුරුක් එකින් එක ගැලවෙන දවසක් උදා වේවා!

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනා කරමු එහෙමින් හරි තිළිණි. තුති ආවට

      Delete
  3. මඟ හැරුණ ටක කියවන් ආව. සෑහෙන වෙලාවක් ගියා ඒකට. සමහර ජීවිත වල තියෙන කතා අප් හාරාවුස්සන්ට හොඳනෑ. ඒ ජීවිත පව්. අනුකම්පා කරන එකත් පව්. අපිට පුලුවන් දේවල් බෝම අල්ප වකවානුවක් මේක.

    කතාව ඉවර වෙන්නෙ හරි හිස්තැනක් ඉතුරු කරන ගමං😔😔😔

    ReplyDelete
    Replies
    1. ආයෙත් දකින්න ලැබීම සතුටක් මහා

      Delete
  4. පස්සේ දවසක කතාව ආපහු ගෙනියන්න. ළමය හදපු හැටි.

    ReplyDelete
    Replies
    1. නැවතුව එක ආයේ ලියන්න අමාරුයි අජිත්..

      Delete
  5. ඔක්කොම කතාව එක හුස්මට කියෙව්ව ඕන්න. මොනවා කියන්නද මන්ද ඒත්.

    ReplyDelete
    Replies
    1. මොනා කියලා ඉතින් කියන්නද නේ, විනීත පූ

      Delete