Thursday, September 30, 2021

බෝල්පිනි වෑහෙන වෙලාවේ...

ලයාන්විත ස්වරයකින් පාළුව, තනිකම දන්වන සංගීත ස්වරයට එවන් හඬක්ද මුසුකරමින් ගැයෙන මේ ගීතය තවලම්කරුවන්ගේ ජීවිතය ගැනය. ගැල් කවි මතින් අප නොදැකගත් ඔවුන්ගේ ජීවිතයේ එක් පැතිකඩක් මේ තුලින් මතු කරයි. සියලු තවලම්කරුවෝ මෙසේ යැයි කීමට නොහැකි අතර ගීත රචකයාට එසේ උත්සහයක් නොදරයි.

තම යනෙන ගමනේ එක් නවාතැන්පලක් වූ  මේ නිවස ඔහුට රති උණුසුමද ලබා දී ඇත. මහ වරුසාවක් පොළොවට ඇද හැලී ඉවරවෙන තුරු. බෝල් පිනි වෑහෙන මොහොතක ඔහු ඇයට නොදන්වා යන්නේ දන්වන්නට තරම් බැඳීමක් නොමැති කම නිසාමය. හරියට මේ ඇතිව නැතිවන බෝල් පිනි මෙන්. තවලම් කරුවෙකු නිසාදෝ, ජීවිතයෙන් තේරුම් ගත් අවබෝධයක් නිසාදෝ බැඳීම් වල හිරිහැරය, නීරස බව ඔහු හැඳින ගත්තා වන්නට පුළුවනි. මා ගියපසු මන් ගැන විපරම් කරන්නට වෙහෙසෙන්න එපා.. හොරෙන් නොව නොදන්වා යන ඔහුගෙ ඒ පිටවීම ඇය පවා දන්නා කරුණකි. නිදන ඈ හට නිදන්නට දී ඔහු නැවත තම ගමන යාත්‍රා කළ යුතුවේ. ඒ දිගු ගමන අතරතුර මෙවන් තවත් හමුවීම්, එකතුවීම්, වෙන්වීම් සිදුවන නවාතැන් පලවල් වෙහෙස  නිවා ගන්නට හදනා සෑම තැනකම ඔහුට හමු වෙනු ඇත. මේ ගමනේ අවසානය දක්වා. ඒ හමුවෙන, වෙන්වන නවාතැන් පළ වලින් තවත් නවාතැන් පලක් දක්වා යන ගමනේ ඒ මතකයන් සිහිවේ. හරියට මේ යන මොහොතේ ඔබව සිහිවනවා පරිද්දෙන්. ඉතින් එක නවාතැනක් නොමැති මා ගැන සොයන්නට කරදර නොවෙන්න. බැඳීම් කරදරයකි. ඔහු ඇයට නැවත කියමින් තමාටද ඒ බව මතක් කරවා ගනී.


රූපය උපුටාගැනීම අන්තර්ජාලයෙනි



Wednesday, September 29, 2021

වැරදි, කොලයක ලියල දික්කසාද වෙන්න

 

රූපය උපුටා ගැන්ම අන්තර්ජාලයෙනි

 

  අවුරුදු 2කට වැඩි තම කසාද ජීවිතය කන්දොස්කිරියාවක්වූ වූ තැන ඔහු දිනක් සිත දැඩි කරගනිමින් තීරණයකට ආවේය. මං මේ වදකාර ගෑණිගෙන් අයින් වෙනව. තවම වයසත් තිබෙන හෙයින් යහමින් තව කසාදයක් වුව කරගත හැකි බව ඔහු සිතුවේය. හැමදාම රණ්ඩු රණ්ඩු. බිව්වත් එකයි නොබිව්වත් එකයි. ඇඳුම් අරං දුන්නත් එකයි නොදුන්නත් එකයි. මොන දේ කලත් වැරදි වැරදි... වැරදි විතරමයි. මේ තීරණය යථාර්ථයක් කර ගැනීමට උදව්වක් ගන්නේ කාගෙන් දැයි කියා සිතද්දී එක් මිතුරෙක් නිතැතින්ම ඔහුගගේ මතකයට නැගුණේය. මන්ද, මිතුරා වෘත්තියෙන් මානව සම්පත් කළමනාකරුවෙකු වුවත් ඔහු හඳුනන නීතිඥවරුන් කිහිප දෙනෙක් සිටිනා නිසාය. දැන් ඔහු තම බිරිඳගේ ද හිතවතෙකු වුවත් පාසල් වයසෙ පටන් තමා හා පවතින මිත්‍රත්වය නිසා එය ගැටළුවක් නොවන බව ඔහුට වැඩිදුරටත් විශ්වාසය. අනෙක ඔහුට තමාට වඩා සමාජ ආශ්‍රය, දැනුම තිබෙන නිසා මේ ගැටළුව ලෙහෙසියෙන් විසඳ ගැනීමට මගක් සොයා දිය හැක. හමුවීමට හැකිවුනු පළමු නිවාඩු දිනම ඔහු තම මිතුරා හමුවීමට ගියේය. සැන්දෑ වරුවක් වූ ඒ මොහොතේ දෙදෙනා ආපනශාලාවක වැද ඒ හමුවීමට හේතුවූ ප්‍රශ්නය ගැන කතාවේ යෙදුනි.

 

මචං මට තවත් නම් මේක ඉවසන්න ඉන්න බෑ. උඹලට නොකිව්වට මොකද ජීවිතේම එපා වෙලා. Please මට උඹේ දේශන, අවවාද එපා. දන්න හොඳ lawyer කෙනෙක් සෙට් කරල දියන් මේ ප්‍රශ්නෙන් සදහටම ගැලවෙන්න.

හරි හරි මං දැන් උඹට මොනව කිව්වත් අහන mood එකක නෙමේන ඉන්නෙ.. මට තේරෙනවා. ඒත් මේක තේරුම් ගනින්. එකපාර divorce කේස් එකක් භාර ගන්නෑ කිසි lawyer කෙනෙක්. උන් judge ඉස්සරහට ගිහින් මොනාද කියන්නෙ. නැතුව උඹේ story එක කිව්වාට divorce එක ලැබෙන්නෙ නෑ... තේරුනාද. මුලින්ම අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්... wifeගෙන් උඹට වෙන වැරදි තියෙන්නෙ, ඒ ටික හොඳට නොට් කරගනින්. පුළුවන් නම් කොලේක ලියපන්... one month වගේ. උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන් ඒවා.. එතනදී උඹේ side එකෙන් වැරදි තියෙන්න බෑ. එහෙම උනොත් වැඩක් නෑ.. නිකං උසාවියේ පල්වෙලා ආයේ කාලෙකට උඹට දික්කසාදෙ ඉල්ලන්නත් බෑ තේරුනාද මං කියපු ටික.

ඔව් බං.. ඒත් මාසයක්..? එතකොට lawyer ගාවට ගිහින් උසාවි ගානේ ගිහින් මේවා ඉවර වෙනකොට කොච්චර කාලයක් යයිද?. මටනම් තව සතියක්වත් ඉවසන්න බෑ. ඒ ගෙදර ඉන්නවට වඩා හොඳයි යනින් ගමනෙ කෝච්චියට බෙල්ල තියනව.

හරි හරි.. උඹ ඔය හිතන තරම් කාලයක් යන්නෙ නෑ. උසාවියට ඔප්පු කරන්න පුළුවන් විදිහට වැඩේ උනොත් වැඩිම මාස 3ක් යයි. අනික wife වැරදිකාර පාර්ශවය විදිහට උසාවිය දැක්කොත් උඹට වන්දි ගෙවන්න වෙන්නෙත් නෑ. ඒක නිසා වෙලාවට එන්නෙ නැති කොච්චි එනකං උඹ පීලිවල බෙල්ල තියන් ඉන්නවට වඩා හොඳයි මාස 2ක 3ක් ශේප් එකේ ඔහොම ඉන්න එක.

අනේ මේ පිස්සු කියවන්නෙ නැතුව හිටපන්.. මේ දැන් එතකොට කවුද අල්ලන lawyer. එතකොට මට වන්දියක් මුකුත් ගෙවන්න වෙන එකක් නැද්ද ඇත්තමට.

නෑ නෑ.. හැමදේම මං බලා ගන්නම්.. උඹේ පැත්තෙන් වෙන්න ඕන දේ හරියට කරපන්.. එතකොට වැඩේ ඉවරයි. මතක ඇතුව හොඳ සිහියෙන් හිටපන් හරිද. බීල ගියාම, වලිය උඹ පටන් ගන්න ගියාම.. ඒවා උඹේ වැරදි. ඒ වගේම කිසිම විදිහකින් wife කියන දේවල් වලට කලබල වෙලා මුකුත් කියවන්න යන්න එපා. පුළුවන් නම් ඒ කියන ඒවත් හොඳ සිහියෙන් අහගෙන හිටපන්.

හරි හරි එහෙනම් මන් යන්නද.. wifeව මතක් කරා කියපං. see you.

හරි හරි see you මචන්...

 මේ සියලු කතාබස් සිතේ ධාරණය කර ගනිමින් ඔහු තම ගෙදරට ගොඩවූයේ මහත් කැළඹීමකිනි. මුහුණ කට සෝදමින් නිදන කාමරයට ආ මොහොතේ තම මිතුරාගේ උපදෙස් වහා මතක් විය. කොලයක් හා පෑනක් ද වෙනම සුදානම් කර තම මේස ලාච්චුවට දමා අගුළු දැමුවේ බිරිඳට එය අසු නොවන ලෙසය. ඉන්පසු ඇඳේ ඇන්දට කොට්ටයක් හේත්තු කරගමිනින් ඔහු සිතිවිලි දාමයක වෙලී එහි හාන්සි විය. බොහෝ වෙලාවකට පසු නිවසේ පසුපස කොටස අස්පස් කරමින් සිටි බිරිඳ සාලයට ආ මොහොතේම තම හඬ අවදි කලාය. ඒ සැනින් සිතුවිලිත්, මද නින්දත් අතර සිටි ඔහු ඇඳේ හරි බරි ගැසී ඉඳ ගත්තේය. ඇය සපත්තු දෙකත් අතදරා ගෙන  මේස් ජෝඩුවේ අනෙක් මේසය සොයමින් හඬතලයි. සපත්තු දෙකකට හා මේස් ජෝඩුවකට මෙතරම් කියවීමට අවශ්‍යද. ඒත් සමගම ඔහුට ලාච්චුවේ තමා දමා තැබූ කොලය මත විය. ලිවීමට පෙර නිහඬව අසා සිටි ඔහු ඒ ඇසු දේවල් නැවත මෙනෙහි කර බැලුවේය.

අනේ මේ බලන්නකො ඔයාට කී දවසක් නම් කියල තියෙනවද සපත්තු දෙක දොරකඩ ගලවන්න එපා කියල. මේස් දෙකත් මේක අස්සෙ.  පෙරේදා මේස් එකක් car එකේ, අනෙත් එක සපත්තුවේ. හොයන්නම වරුවක් යනව. ගිය සැරේ ගත්ත මේස් කුට්ටං තුනෙන් දැන් තියෙන්නෙත් දෙකයි. පරණ ඒවම දාගෙන යන එකයි ඇත්තෙ. ඇත්තටම කවද පිළිවෙලකට වැඩක් කරන්න පුරුදු වෙයිද ඔයා. උදේට මං එපෑ ඔක්කොම ලැස්ති කරල තියන්න....

දැන් ඔහු ලියන්නට තිබු දේ හොරු අරරගෙන ගියා සේ නිසොල්මන්ව සිටී... වරද පටන් ගැන්ම තබා ඇත්තේ තමා බව ඔහුට වැටහිණි. ඇය මේස් ජෝඩුව සොයා, සපත්තු කුට්ටම රාක්කයෙන් තබා, තමා දහවල් ඇඳි ඇඳුම්ද ගෙන සෝදන්නට යද්දී පැය භාගයක් ගතවී තිබිණ.  මේ මේස් මිලදී ගත්තේ ඈ හා තමා අවසානයට සාප්පු සවාරියක් ගිය දින බවද ඔහුට මතක් විනි. එදින ඇය තමාව රැගෙන කඩවල් තුන හතරක් පුරා ඇවිද්ද හැටි සිහිවේ. ඒ තමාට වඩාත් සරිලන මේස් ජෝඩුවක් ගැනීමයි. සමහර අවස්ථාවාදී  තේරුවා පමණක් නොව එපා කියද්දී පවා දණ ගසාගෙන, මේස් තමාට දමා පරික්ෂා කෙරුවේද ඇයයි. ගත් සියලු දේවල් අතර ඇය වෙනුවෙන් මිලදී ගෙන තිබුනේ එක් සාරියකුත් කොණ්ඩා කටුවකුත් පැමිණි. එයත් තම සහෝදරයාගේ උපන්දින සාදයට යන්න තිබෙනා නිසාය. ඒත් සමග ඔහුට මේස් සම්බන්ධව තවත් සිදුවීමක් මතක් විය. ඒ තමා කුඩා කළ මවද ඒ ආකාරය තමා ඉදිරියේ දන ගසාගෙන මේස් තේරූ ආකාරයයි. මේ සමග ඔහු තවදුරටත් තම විවාහ ජීවිතයේ සිදුවීම් එකිනෙක සිහි කරගත්තේ දරාගත නොහැකි හිතේ ඇතිවූ බරක්ද සමගිනි. බොහෝ වෙලාවක් මෙසේ අතීත මතක අතර දුවමින් සිටි ඔහු කඳුළු බිඳු නලියන දෑසින් රෑ සඳ එලිය වැටෙන ජනෙල් පිනක් හැර ඒ දෙස බලා සිටියේය. සෑම සිදුවීමකටම දෙපැත්තක් ඇති අතර ඇය යම් දෙයකට වැරදිකාරිය වේ නම් එහි අනෙක් කොනෙහි තමාද සිටින බව ඔහුට දැන් මනාව පැහැදිලිය. මොහොතක් එසේ සිටි ඔහු තමා සවස් හමුවූ යහළුවාගේ දුරකථන අංකයට අංකනය කරේය.  

 

මචං.... උඹ කොහෙද. දැන් ගෙදරද? මචං මං ඇවිත් කතා කර එව එච්චර ග..න.න් ගන්න එපා. උඹ දන්නවනෙ.

ඔව් බන්. මන් මේ දැන් ගෙදර.. ආ හරි හරි ඉතින් කියහන්.

ඒ වෙච්ච හැම රණ්ඩුවකටම මාත් වග කියන්න ඕනෙ. ප්‍රශ්න දුර දිග ගියේ එයාගෙන් උනාට ගොඩක් ඒව පටන් ගත්තෙ මගෙන්. මට ඕන්නැති divorce එකක් නෑ බං. Please මං උඹට වඳින්නම්.. ඒ වෙච්ච කතාව අපි දෙන්න අතර විතරක් තියා ගමු. මේක එයා දැන ගන්නවට වඩා හොඳයි මං අර කිව්ව වගේ කෝච්චියට බෙල්ල තියාගන්නව..

හරි හරි.. මං දැනං හිටිය උඹ ඇවිල්ල කිව්ව තරං දෙයක් ඔතන නෑ කියල. ඇරත් උඹේ wife ගැනත් මං නොදන්නව ඈ.. ඕව දැන් අමතක කරපන්. තාම උඹල බැඳල ටික කාලයයිනෙ. පස්සේ හරියයි මේ අපිට වගේ. උඹ දන්නවද අද දවල් wife මට කිව්ව රෑට කඩෙන් කමු කියල. උඹේ ප්‍රශ්නෙත් ඔලුවේ තියන් ගෙදර ආව කෑම ගෙනාවෙ නෑ. මං ඉතින් හිමීට ඇහුව ආපහු ගිහින් කෑම ගේන්නද කියල.. හොඳටම බැන බැන කෑම හදල අන්න දැන් අඬගහනව කන්න එන්නලු.. හරි හරි එහෙම්න්  partyයදි හම්බෙමු.. දෙන්නම එනවනෙ.. Good night!

ඔහ්! Sorry මොකද උනේ. ඉතින් රෑට කෑම.. ආ නෑ නෑ එනව එනව. එයාට සාරියකුත් ගත්ත partyයට එන්නම. නෑවිත් කොහොමද.. ආ හරි මං තියනව එහෙනම්.. Good night!

 

කවුද කතා කළේ. ආ.. මොකද මේ අඬල වගේ.. ගමෙන්ද කතා කළේ.. කියන්නකෝ. ඇයි අම්මට ආයෙ අසනීපද?..

නෑ.. නෑ එහෙම මුකුත් නැහැ. එක නෙමේ අපි රෑට එළියට ගිහින් කෑම ගමුද?.. බැඳල මේ වෙනකොට අවුරුදු 2කුත් වෙනවනෙ.. එක සමරන්නත් එක්ක.

Thursday, September 23, 2021

මේ ප්‍රථම වසන්තයයි


පෙම් සුව නොවිඳි හදකට ඒ සමය ගිම්හානයයි. තනිකම, වේදනාව, කාන්සිය දන්වන සමයයි. මෙසේ ගෙවෙන ජීවිතය නිමා කරමින් එන සමය වසත් සමයයි. ආදරය සුව නොවිඳි හදකට එය ප්‍රථම වසත් සමයයි. තනිකම දුරුකරමින් උදාවන මේ වසන්තය ජීවිතයේ මල් හටගන්නා සමයයි. සුන්දර මලින් පිරී ගිය මේ වසන්තයේ ඇහෙනා එකම හඬ මල් ඇසුරේ රොන් සොයනා බිඟු හඬයි. එයයි ප්‍රථම වසන්තයක දැනෙනා අසිරිය.. නැවුම් හැඟුම් උපදින, ප්‍රාර්ථනා විකසිත වන හිරිමල් තරුණ හදවතකට.

මෙවන් අසිරියක් නොවිඳ සිටි කාලය අඳුර හා සමයි. ඒ අඳුර පහව යන තුරා බලා සිටි වාර අනන්තයි. ඒ එනතුරු අඳුරේ බලා සිටි සඳ අද මේ වසන්තයේ.. ප්‍රථම වසන්තයේ මෝදු වී හමාරය. සුපුන්ව දිලෙනා සඳ සේ. ඒ මේ කුළුඳුල් වසන්තය උදාකරවන්ටයි.

ඒ ගිනියම් ගිම්හාන අඳුරේ සිත සනසා ගන්නට කොතරම් නම් මුලාවේ වෙලෙන්නට ඇද්ද. අද ඒ දුරු වූ අඳුරේ මිහිර, කතරට ඇදහැළුණු ජලයේ සිසිලස සේ සමයි. ඒ සිසිලස මේ ඔබයි. කුළුඳුල් වසන්තයේ මේ මිහිර ඔබයි.


Tuesday, September 14, 2021

රනිල් වික්‍රමසිංහ

 රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ. එහෙම කිව්වහම එකපාරටම යාත්‍රිකයටවත් හිතාගන්න බෑ. එත් රනිල් වික්‍රමසිංහ කිව්වහම ලංකාවේ නොදන්නා කෙනෙක් නෑ. වැඩි දෙනෙක්ගෙ විවේචනයට ලක්වෙච්ච චරිතයක් වගේම තවත් පිරිසක් දරන මතය තමා උගත්, බුද්ධිමත්, අනාගතය දකින, පොතපතේ දැනුම තියෙන කෙනෙක් වන එතුමා රට කරවන්න වඩාත් සුදුසුයි කියල. ඇත්තටම එතුමා එහෙම කෙනෙක්ද?.. ඒ වගේ හිතන කෙනෙක්ද ආසියාවට අයත් රටක් වන මේ ලංකාවෙ පාලනයට එන්න ඕන..

එතුමාගෙ උපදින්නේ විදිහට සටහන් වෙන්නේ 1949 මාර්තු 24. කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ නීතිඥයෙක් මෙන්ම උපාධියක් හිමිව මෙතෙක් ලංකාවේ අග්‍රාමාත්‍ය පදවිය දැරූ පළමු පුද්ගලයා හා එකම පුද්ගලය මෙන්ම 5 වතාවක් එම දූරය දරපු එකම පුද්ගලයාද වෙනව. ජනතාවගෙද නැත්තං ඔහුගේ අවාසනාවටද තාම ජනපති වුනේ නෑ. දැන් වෙන්න විදිහකුත් නැති තරම්. උගත් පවුල් හා සමාජ පසුබිමක ජීවත්වුණ මෙතුමා 1994 දි බිරිඳ කරගන්නෙත් ඒ වගේම පරිසරයක හැදී වැඩුණු ඉංග්‍රීසි පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන මෛත්‍රී වික්‍රමසිංහවයි. ඒ වගේම උසස් පැලැන්තියක් වන විජේවර්ධන පෙළපතත් මෙතුමාගේ නෑයින් වෙනව. පාර්ලිමේන්තු සභාවේ උසස් පෙළපත් වුන සේනානායක, දිසානායක යන පෙළපත් සමග තම නාමයද එකතු කරමින් පාර්ලිමේන්තුවට පැමිණ අගමැති දක්වා එතුමා ආ ගමනේ විශේෂ තැන් -

1997 බියගමින් තරඟ කර ලබා ගත් චන්ද සංඛ්‍යාව 22,045

1989 ගම්පහට තරඟ කර ලබා ගත් චන්ද සංඛ්‍යාව 86,447

J. R ජයවර්ධන රජයේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධුරය ඉසිලූහ

1993 රණසිංහ ජනපති ඝාතනයත් සමග පළමුවරට අගමැතිවරය විදිහට පත්විය

1994 වසරේදි විවාහ විය

දෙවෙනිවර - 2001 මැතිවරණ ජයග්‍රහණයත් සමග

තෙවනවර - 2015 ජනවාරි

හතරවනවර - 2015 අගෝස්තු

පස්වනවර - 2018 දෙසැම්බර් මස 16 වන (මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීම නිසා)

2015 කොළඹින් තරඟ කර ලබා ගත් චන්ද සංඛ්‍යාව 500,566 (2019 දක්වා එක් පුද්ගලයෙකු ලබාගත් වැඩිම චන්ද සංඛ්‍යාව වන අතර 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගණන් කිරීමට තරම් ප්‍රමාණවත් චන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට ඔහුට තියා පක්ෂයටවත් නොහැකිවිය)

ඔහොම ඇවිත් පක්ෂ නායකත්වයත් ගිලිහෙන මොහොතක UNP එකට ලැබුන එකම මන්ත්‍රී අසුනට තමන්වම තෝරගත්ත කොහොමින් හරි...

 

1 රූපය - උපුටාගැන්ම අන්තර්ජාලයෙනි
1 රූපය - උපුටාගැන්ම අන්තර්ජාලයෙනි


Sunday, July 19, 2020

ඇඳුම, නිදහස හා සදාචාරය

ඒයි උඹ අද ඕකද අඳින්නෙ...

ඔව්. ඇයි.. අවුළ මොකද්ද මේ dress එකේ?

ඕක කොට වැඩි නැද්ද බං.. මොක උනත් පා..රේ...

අනේ මේ.. fashion කරන්නේ නාකි උනාමද? මේක දැන් latestම එක.. සමාජෙට ඕන විදිහට නටන්නෙ මොකටද බං..

යකෝ මං කියන්නේ පොඩ්ඩක් සංව..ර එකක්.

බං... සංවරකම ඇඳුමෙන් මනින පුලුවන්ද?... උඹනං තාම ගොඩේ..

නෑ බං මං කියන්නේ.. මොක උනත් කෙල්ලෙක් උනාම.....

මොන මගුලක්ද බං.. තමන් කැමති ඇඳුමක් අඳින්න මිනිහෙක්ට නිදහසක් තියෙන්න ඕන. මොකද මං හෙළුවෙන් යනවද.. නෑ නෙ. අනික මෙහෙම අඳින්න එපා කියල නීතියක් තියෙනවද? නීති විරෝධි ද.. මොකද්ද බං උඹ ඔය කියන සදාචාරේ, සංවරකම... තමන් කැමැති ඇඳුමක් අඳින්න නැති. මං එහෙම නෙමේනං නොබලා හිටියම වැඩේ ඉවරයිනෙ.

 

ඇය හරි. කැමති ඇඳුමක් අඳින්න ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස තියෙන්න ඕන. සදාචාරය, සංවරකම කියල එක එක නීති දාන එක හරි මදි. මොකද ඇඳුමක් නිසා හිරේ දාන්න තාම නීති පොතෙත් නීති නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටක එක ලක්ෂණයක් ඒක.....

අපි ඔය කියන නිදහස, අයිතිය කියන දේවල් වලට සීමාවක් නැද්ද?... ඔබ අත ඇති සැරෑටිය අනෙකාගේ නාසය ගාවින් කෙළවර විය යුතුයි කියල කිව්වේ ජෝර්ජ් වොෂින්ටන්. මොහොතක් කලාත්මක ගීත සැඳෑවකට සම්බන්ධවුනු වෙලාවක් ගැන සිතට නගාගන්න. කිඹුහුමක් යන්න ආවොත්.. එනව.. හොචෝස් ගාලා පිට කරනවද? නෑ... මොකද අපි එතනට ඔබින විදිහට ඉන්න ඕන, අනිත් අයගෙ රසාස්වාදයට බාධා කරන්න හොඳ නෑ වගේ දේවල් ජීවන අත්දැකීම් (සමාජ පරිචය) විදිහට හෝ කවුරුගේ කියාදීමක් විදිහට යන අයුරකින් අපි මේවා දැනගෙන තියෙනව. ඒ වගේ තැනක ඒ විදිහට චාරය වෙනස් කරගෙන පිරිස සිටීම ඒ පිරිසගේ සදාචාරය කියල අපිට සරලව අරුත්ගන්වන්න පුළුවන්. එහෙම අපි ඉඳීම අපේ සංවරකම.

එක බීමත් මනුස්සයෙක් හින්ද පිටරට තැබෑරුමක පොඩි කලබලයක් උනා. ඔහු බීගෙන කියනව “මං බොන්නේ මගෙ සල්ලි වලින්.. කියවන්නේ මගේ කටින් ඉතින් අනිත් අයට ඇති ගැටළුව මොකද්ද කියල”. මෙහෙම ඉන්නකොට එක වයසක පුද්ගලයෙක් ඔහුගෙ මෙසේ ලඟට ඇවිත් කිව්ව “ඒ උනාට ඒව අහන්නෙ, දකින්නේ අපේ ඇස්, කං වලින්” කියල. ඒත් එක්කම ගල්ගැහිලා බලං උන්නු කලබලකාරය මොහොතකින් සන්සුන් උනා. මොකද අපි අපේ කැමැත්තට සියල්ල කරන්න පුළුවන් කාටවත් කරදරයක් කරන්නේ නෑනෙ මං කියල හිතුවට ඒක එහෙමම නෑ. අපි අවට ඉන්න තැන, ඉන්න පිරිස ගැන පමණක් නෙමේ සමහර වෙලාවට අතීතය ගැන පවා හිතල, දැනගෙන කටයුතු කරන්න වෙනව. දවසක් කොලු ගැටව් ටිකක් කනත්තේ සෙල්ලං කරකර ඉන්නකොට එතනින් යන පුජකයෙක් රැලේ නායකයා වගේ පෙනුන කොලුවට කියනව “ළමයිනෙ දන්නවද ඔතන කෙනෙක් වලලපු තැනක්.. ඒ මගේ පියා”. “ඉතින් එයා දැන් මැරිලානේ” කියල හිනාඋනු නායක කොලුව ආපහු සෙල්ලමට වැටුන. “දන්නවද උඹේ පියා පොරොන්දු වෙලා තියෙනව මගේ මගේ පියා ලෙඩ ඇඳේ ඉද්දි මාත් මිහිදන්වෙන්නේ ඔයා ළඟමයි කියල” ආපහු පුජකයා කියල හිනා උනා. මේක කිව්ව දවසේ ඉඳල වෙන ළමයි කෙසේ වෙතත් එදා ඉඳල අර නායක කොලුවා එතන සෙල්ලං කරනවා දැකල නෑ ගමේ කවුරුවත්. ඉතින් තැන නොතැන නොබල, හිතේ හැටියට ඉන්න ගිහින් විඳවපු ඔය වගේ අයත් ඉන්නව. එක එක විකාර, අඩ නිරුවත් දසුන් නිදහසේ තමුන්ගේ යහළුවන් සමග බෙදාගෙන අසරණ උන සමහර ගෑණු ළමයි ගැන කතාත් මේ සමාජයේ නැතුව නෙමේ. ගොඩක් අය රෙද්ද කොට උනාම ඒක අසංවරද කියල අහන එකට යම් උත්තරයක් තියෙනව එතන.

අනික එක තමයි සමහරු දිග රෙද්ද එතකොට සංවරද?.. “සදාචාරයක් සමාජේ තියෙනවනම් කොට නෙම් බිකිනිය උනත් ගහන් යන්න පුලුවන්” කියන තර්කයක් ගේනව. රෙද්දෙ දිගත් එක්ක සංවරකම වැඩි, අඩු වෙන්නෙ නෑ වගේමයි ඉතින් ටිකක් වැහෙන්න (අඩනිරුවත් නොවී) ඇන්ඳ කියල නිදහසේ අඩු වැඩි වීමකුත් නෑ. හැබැයි ආරක්ෂාවට නම් ටිකක් හොඳයි. ඉතින් ඔහොම තර්ක ගෙනාවට වඩා හොඳයි ඇඳුම් නැතුව යන්න පුළුවන් නේද කියල අහන එක. මොකද සමාජ විද්‍යාඥයෝ කියන විදිහට ඇඳුම ආවේ ආරක්ෂාව, විලිබිය සහ පිරිමියන්ගෙන් කාන්තාවට එන ලිංගික හිරිහැර දුරු කිරීමට වගේ දේවල් මුල් කරගෙන. (වර්තමානයේ කාන්තාව අඩු හා පිරිමි වැඩි වසා ගැනීමක් එක්ක ඒක අනික්පැත්ත පෙරලිලද මංද?) කාලයක පටන් නවීන වෙළඳ රටාවේ අඩ නිරුවත් කාන්තා රුව ජනප්‍රිය අංගයක් වෙද්දි ඒක ඉතින් සාමාන්‍ය සමාජේ දෝතින් වැළඳ ගන්නව. ඒක සාමාන්‍යයි. ඒත් කිසි දැනීමකින්, දැක්මකින් අනුගමනය නෙමේ අනුකරණය කරන තරුණ පරපුර එන එන marketing item වල ඇලුනොත් නම් සමාජ නිදහස කෙසේ වෙතත් තමන්ගේ මනසෙ අසහනයයි, හිස් බැංකු පොතයි එක්ක තමයි අනාගතයට යන්නේ වෙන්නෙ. fashion, make-up කරන්න ගිහින් මාස් පඩිය කඩවලට දීල රෑට පාන් කන බෝඩින් කාන්තා චරිතත් මේ සමාජයේ සිටින බව ගොඩක් අය දන්නේ නැති කාරණයක්. ඒ නිසා මොනවකරත් දෙයක් කරන්න කලින් හිතල, බලල දැන කරන එක තමා නුවනට හුරු. නැත්තං නිදහස කියල වෙන්නේ marketing ඇමක් ගිලල cardboard චරිතයක් වෙන්න.