Sunday, November 3, 2024

Amuthuma Premayak (අමුතුම ප්‍රේමයක්) - Samitha Mudunkotuwa

 

සමිතගේ අලුත්ම සිංදුව. Release වෙලා තාම දවසයි. අහපු ගමන්ම මතකෙට ආවේ සමිතාගේ පරණ කටහඬ. 'සිනා පිපෙනා' ලක්ෂ්මන් එක්ක කිරිකෝඩු කටහඬින් ගැයුව කාලේ. ඒ අතර පින්න පිපෙන රෑ යාමේ, රණ හංස යුවල, ඉර පායා, වේදිකාව ජීවිතේ අපේ, කොළොම්පුරේ නුඹ ඉන්නා, දන්සල් ළඟ පෝලිම් වල වගේ සිංදු පොදියක් තිබුණ.

 

පස්සේ ආයේම සමිතා කරලියට ආවෙ Iraj එක්ක. කටහඬ පොඩ්ඩක් වැඩිහිටි ස්වරයකින් දැනෙන අතරේ තනුවට වගේම ඒ කටහඬටත් Irajට නැතුවම බැරි electronic මුහුවත් යොදාගෙන තියෙන බව පෙනෙන්න තිබුණ. ඒවායේ ප්‍රතිඵල විදිහට ඉවසයිද මන්දා, ආලෙන් වෙලාගන්න වගේ සිංදු නිතරම මාධ්‍යවල ප්‍රචාරය උනා. ඒ සමහරක් ගී වලට පෙර විදිහටම අතුල අධිකාරිත් ගායනයෙන් එකතුව හිටියා.

 

ඊටත් කාලයකට පස්සේ තමා දැන් මේ සිංදුව ඇහෙන්නෙ.

 

'එදා හඬමයි අදත් යෞවනයේ' කියල අමරදේවයන් ගැයුවා තමා. ඒත් අපි වයසට යනව වගේ අපේ හඬවලුත් වෙනස් වෙනවා. යෞවනේ හඬ පමණක් එහෙමමයි කියලා  'අමුතුම ප්‍රේමයක්' ගී පද පෙළින් හිතාගන්න නම් පුළුවන්.

 

සිංදුව රස වින්ඳා!

රූපරචනය පැත්තෙන් ගත්තම සමිත ගැලපෙන්නෙ නැති බව නම් දැනුණ.

 

 බලන් කැඩපත සොඳුරියේ.............

 

                Amuthuma Premayak (අමුතුම ප්‍රේමයක්) - Samitha Mudunkotuwa

 

ඒ ආදරණීයම ප්‍රේමේ පෙම්වතියයි මම නුඹගේ

අදටත් පළමු ප්‍රේමයයි මගෙ ඔයා

 

අතරමං වුනු පෙම් කතරේ තනිවෙලා මං සිහින අතරේ

මිරිඟුවක් පස්සේ දුවමී මං සදා

 

අමුතුම ප්‍රේමයක් මේක

යලිත් නොලැබේවී කිසිදාක

මතක විතරයි ඉතිරි අපට

අපි අපෙන් දැන් ඈතට වෙලා..

 

මම තාමත් මගේ ප්‍රේමේ සොයනවා

නුඹ එනකන් මඟ තාමත් බලනවා//

 

මේ ලැම තුරුලට මුහු වී

විඳි සෙනෙහස අද සිහිවී

රහසින් සිඳ විදවාවී

මා ඔබ වෙනුවෙන් හිඳිමී

 

අපි හමුවූ අපි වෙන්වූ

වස්සානේ ප්‍රේමයේ

මා රිදවූ මා සැනසූ

එකම කෙනා නුඹවේ

 

අමුතුම ප්‍රේමයක් මේක

යලිත් නොලැබේවී කිසිදාක

මතක විතරයි ඉතිරි අපට

අපි අපෙන් දැන් ඈතට වෙලා

 

මම තාමත් මගේ ප්‍රේමේ සොයනවා

නුඹ එනකන් මඟ තාමත් බලනවා//


Saturday, July 30, 2022

මිනිහා පුදුමම සතෙකි

        


        මීමන ප්‍රේමතිලක ලියා ඇති 'මිනිහා' නමැති කවි පන්තියේ එක් කවියක්.


යදියෙකි පොහොසතෙකි දිළිදෙකි කුලවතෙකි
සැඩොලෙකි කුලවතෙකි බලතෙකි සිරිමතෙකි
කිව හැකි එකම උරුමය සහ එක ගතකි
මිනිහෙකි මේ බෙදුනෙ මොහු පුදුමම සතෙකි

Sunday, May 29, 2022

කපුටු ලන්තෙ වැසියො //

 


    කලක් පුරාවට අපේ රටේ ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණයත් එක්ක ගැටගැහිලා යන අපූරු ගීයක් හම්බවුනා. කළාකාරයෝ අනාගතේ දකිනවා කියන්නෙ කටකහනවටද කියල හිතුන මේ පද පෙල දැක්ක ගමන්ම.

කපුටු ලන්තෙ වැසියො සැවොම සාමෙන් එක් වෙලා

භේද බින්න වෙන්නෙ නැතුව කාලය ගත කලා

හිටපු ගමන් හදිසියේ රජෙක් පහල වෙලා

අනේ අපොයි රටේ තිබුණු සාමය නැති කලා

 

එක එක පැති වලට බෙදිලා වැසියො රණ්ඩු වුනේ

කපටි රජා වැඩි බණ පද දෙසමින් වැජඹුණේ

අන්තිමේදී පොළොව පවා බෙදා ගන්න අනේ

සටන් කරලා වටිනා කියන ජීවිත නැති උනේ

 

ලෝකෙ පුරා ආරංචිය ගිය විට පැතිරිලා

දොස් නගනව ඇහුන ගමන් රජ කලබල වෙලා

සාම දූතයෙක් යවනව කියමින් පවසලා

කාක්කෙක්ව යැව්වා ඇඟේ සුදු හුණු තවරලා

 

පරවියෙකුගෙ වෙස් අරගෙන සාම කොඩිය වනා

කපුට ගිහින් හැම තැනකම කැත කරන්න වුනා

රජ්ජුරුවෝ ඒ කතා කුණු දෑතින් අන අනා

කපුටු ලන්තෙ දුඟඳ කරල ගෙට වෙල හැංගුනා


ගායනය - ෆ්‍රෙඩි සිල්වා

පද හා සංගීතය - ලාල් සිල්වා

මෙතනින් අහන්න - 

https://www.youtube.com/watch?v=mNP8y-66rXw

Tuesday, April 5, 2022

සිහසුනෙ ඉන්ට රට දැය පාවා නොදෙනූ...//

බමුණා වුණත් දුඳනෙකු නම් බිම හොවනූ
සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ
හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ

බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ
දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ
වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ
වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ

සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ
කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ
ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ

රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ


 


ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ගුණදාස කපුගේ

 


 

Tuesday, March 22, 2022

ඇය යන්න ගියා මැකිලා

 

අපි ආදරය කරන අයගෙන් වෙන්වීම මිනිසාට මෙන්ම සතාසිව්පාවාට පවා දැනෙන මහත් දුක මුසු සිදුවීමකි. ලොවේ එය සනාතන දහමක් වේ. නැතිව එය බුද්ධාගම් කාරයින්ට පමණක් බලපවත්වන නීතියක් නොවේ. මේ විප්‍රයෝගී දුක හුස්මකින්, ඉකිබිඳුමකින්, කවි පදයකින් පිටකර හිත හෑල්ලු කර ගැනීමට, දුක තුනී කර ගැනීමට එදා සුන්දර ගැමියා යත්න දැරුවේය. ඔහු සොබාදහමේ පණිවිඩය තේරුම් ගනිමින් ජීවන යතාර්තයට හිස නැමුවේය. එය තේරුම් ගත්තේය. ඒ සඳහා කවියක් ගොතා සාංකාව දුරුකර ගැනීමට එදා ගැමියාට මහෝපකාරී වන්නට ඇත. බොහෝ කලක සිට අග්‍රගණ්‍ය සංගීත කලාවක් සතු අපට වියෝ දුක පහ කරගැනුමට එය උපකාර කළේය. කරන්නේය.


ගීතයට අවශ්‍ය සෝකී රසය පරිසරයේ ඇති දේවල් සමග ඈඳා ගනිමින් විචිත්‍රවත් ලෙස නිර්මාණය කර ඇත. ඒ පද වැල් වල නිර්මාපකයා සුනිල් සරත් පෙරේරාය. ඊට අනුරූප අයුරින්ම සංගීතය මුසු කළ මියැසි රටාව එච්. එම්. ජයවර්ධනය. ලයාන්විත හඬ මුසුව අමරසිරි පීරිස් ය. මේ ත්‍රිත්වයේ උපරිම රසයෙන් ගෙතුණු ගීතය

ඇය යන්න ගියා මැකිලා........

ආදරයේ මිහිරියාව, සුන්දරත්වය, තුලින් සිතේ මෘදුබව, සෞන්දර්යාත්මක බව ඉස්මතු කළ ඇය පරිසරයේම කොටසක් විය. ඇයට පෙම් බැඳී ඔහුත් පරිසරයේම කොටසක් විය. වන අරණේ, තුරු සෙවනේ ගෙවූ ඒ ආදරණීය මිහිරියාව මකා ලමින් ඈ ඔහුගෙන්ද, මේ ලොවින්ද සමුගෙන ඇත. සමුගත් ඇය උරුමකර දුන් වියෝ දුකින් ඔහුට අවට පෙනෙන මල් පෙති අග ඇති පිණි පොද පවා කඳුළු කැට යයි සිතේ. ඇයගේ මුහුණ වසා ලූ සුදු රෙදිකඩ මීදුම් සළුවක් සේ පෙනේ. සොබාදහම පවා අගේ නික්ම යෑමට නිහඬවම අවසර ලබා දී ඇත.

ඇය සමග ඔහු ගෙව් ආදරණීය කාලය සුන්දරය. ඒ වියෝව හමුවේ පවා සිහි වන්නේ ඒ පැරණි සුන්දර මතකයන් ය. දැන් ඒ මතක පමණක් ඉතිරි කරමින් ඇය ඔවුන්ගේ ආදරයට සමු දී යන්නට ගිහින් ය. ඒ නික්ම යෑම, ඒ සමුගැනීම ගැන සොබාදහම විසින් ඔහුට සිහි කර දේ. ඒ ඇය ආයෙමත් හමු නොවනා බව අඟවමිනි. නමුත් ඔහුට ඈත් සමග ගෙවූ වසන්ත සමයක් ඇත. ඒ නිසා ඔහුට ඉදිරියේ එන ගිම්හානයේ මහත් දුෂ්කර වනු ඇත. නමුත් සොබාදහම නැවත නැවතත්, ඔහුට ගෙවෙන හැම මොහොතකම ඒත්තු ගන්වයි.. ඇය යන්නට ගිහින් ඇති වග